තහනම් සුළඟයි හමන්නේ
සිහිල ගත දැවටී...
හුස්මක අවසර නොදෙන්නී
සුවඳ පා දුවතී...
ලය දැදුරු නොම දන්නී...
ඔතරම් හිනා මල් කිමැයි
අද නුඹම විමසනු ඇතී...
හෙට නේන නුඹ සිහියේ හොවා
අද අඬන්නද හිතවතී...
දුක සතුට කර හිනැහෙමී...
කාලයම ඔච්චම් කෙරූ
ආලයන් ලොව පැවතුනී...
මේ ඇරඹුමද අවසනද නොවනා
බව නොදැන හිත බැඳී..
අද කාලයට ඔරවමී...
ලස්සන අදහසක්..
ReplyDeleteසුන්දරයි නිර්මාණය.
ReplyDeleteතහනම් මල්....... ලස්සන පද පෙල..
ReplyDelete