වැහි අඳුරු හවසක
ඉදිමුනු පයද සහිතව
වාට්ටුව මුල්ලක
අහෝ හේ මට හමුවිය
විසුළු හැඩ කෙහෙ ඇති
කැපුම් කැළලින් විසුළැති
පොරවගත් සම ඇති
එහැම පරදන සිනා මුහුණැති
ඔසවා සරම ඉණටම
පෙන්වා නහර පිරි සම
බිඳකුදු නොදෙඩු මුව තම
රිදුම් සඟවා සිනාසුනු බැම
පෙයර් ක්‍රිෂ්ණන්මි
වන්දාරමුල්ලේ උනිමී
පොළොන්නරුවෙන් ආමී
අපහසුව මැද අසා ගතිමී
පය අහිමි වූ සඳ
මල් මදින්නේ කොහොමද
නැසුවේ මම වෙද
කවදනම් උඹ ගමට යනවද
දත් දෙමළ මද විය
ගම තතු අසාගන්නට
තනියෙන්ද මවු තව
ඔත්පළ ඈට කොහොමද
හිත කිනිති ගස්සන
පැනයත් අරන් පහුදින
ගිය නමුදු නුඹ වෙත
ඇඳ පමණි, නුඹ කෝ කොහෙක වෙද
ඉතින් මගෙ සොහොයුර
අපේ අප්පච්චී
වෙඩි තියව්වේ උඹටද
අපේ අප්පච්චිට
වෙඩි තියව්වේ උඹමද
අපූරුයි !!
ReplyDeleteකාලෙකින් කියවපු ලස්සනම පදපෙළක්...
Delete//ඉතින් මගෙ සොහොයුර
ReplyDeleteඅපේ අප්පච්චී
වෙඩි තියව්වේ උඹටද
අපේ අප්පච්චිට
වෙඩි තියව්වේ උඹමද //
මේ සත්‍යය අපි කවදා තේරුම්ගනීවිද?