ඉර අවරට යත හෙමිහිට
අවසන් එළි බිඳ සමගින
එය නොගනිති උහු සිතකට
සිත්ලූ වෙරළේ හිඳිමින
පය ඈතින් කර ඉක්මන්
හිරු දිවයයි ගිලෙනු රිසින
කෙසරු මිටින් දිය පොඟවා
නා පීරා අවුල් හරිත
රළ නැවතුනි ඉර නැවතුනි
මඳ අසුරක් ඔහේ ගෙවුනි
මුහුද මහා පොකුණක් බඳු
මුඩුම විලස බලා හැරුනි
හාත්පසම අඳුර විදුනි
මූදුබඩම දම් දුල දුනි
අන්තිම බසයත් ගිලිහුනු
සෙයකින් හිරු රවා රැඳුනි
ලත් අවසරයෙන් කැලඹුනු
අවුල් කැරලි හිසකේ ඇති
හම් බෑගය වෙරළ තබා
පොකුණට පා නැගි මිනිසෙකි
දණක් දියේ නොම නැවතී
ඉඟක් දියෙත් නොම නැවතී
නොමසල දිය රැළි නගමින
පිඹලන්නට වුනා හුස්ම
ඇකයේ පුත් වෙරළ දමා
පැන පිහිනා ගිය තවකෙක්
ඔහු බේරා වෙරළ හොවා
බැණ වැදුනා පුතු නොසොයා
දියබරිතව 'මළ මිනිසා'
වැලි ලුණු දිය නොම මිරිකා
හම් බෑගය කිහිලි ගසා
කාල් ගෑය පිල්ලි ලෙසා
දිය රැළි ආපහු බිඳුනා
නෝක්කාඩු ඉර ගිලුනා
රෑ බෝවෙන්නට කලියෙන්
සිතිජ කොනේ ගුලි ගැහුනා
විඩාව දුම් රොටුවෙ රුවා
ලතෝනි දී දනිපනිගා
මහ ගෑණියකගෙ විලසා
රේල්ලුවද මුනු මුනු ගා
එහි නොරැඳී ඉගිල ගියා
"අපොයි ඕක මහ දෙයක්ද
මැරෙන්න මහ හේතුවක්ද
කාගෙත් දුක් කර පින්නං
දෑහෙ මූණෙ මූද තියං
හැම දවසෙම දුක උහුලං
අපිත් යනව දැකල නැද්ද "
පංකාදුයිනේ..
ReplyDeleteලස්සනයි..
ReplyDeleteGreat blog post, thanks for sharing.
ReplyDelete