ඇය වැටුනේ අන් සියල්ලටම කලින්
දඟලලා දඟලලාමය.
පාර වැරදුනු අකල් හුළඟකට නතුව
අනිත් අය ගිලිහෙද්දී
ඈ නොගැඹුරු දියේ පුංචි දිය සුළියක
නටමින් උන්නාය.
මේ නම් විසිතුරු පොරිම යැයි සිතා
ගැඹුරු දියේ හිට දිව ආ
කොරළිද කිති කවන්නට වූහ.
කලෙක තමන්ද
දියත්තක්ව හුන් සමය මතක්ව
ගඟද
මේ දඟය වින්දාය.
චණ්ඩි කොරළියෙකු නිසා
ඈ දිය සුළියෙන් ඉකුත් වද්දී
අන් සියල්ලෝම
පාව ගොස් හමාර බව පමණක් හැඳින්නාය.
බොල්ලැහැට දික් මල්පෙති
උස්සාන ලහිලහියේම
පහළට දිව ගියාය.
අහෝ...
ඈට මාලුන්ට සමුදෙන්නටවත් නොහැකි වීය.
මක් කරන්නද
ගඟක් වේනම් යම්
පහළටම යා යුතු නෙව.
No comments:
Post a Comment
නොතිත් සිතඹර අරා...