Saturday, December 25, 2021


 

වැසි තදින් ඇද වැටෙන

ඇතැම් රාත්‍රීන්හී
එන්නීය
ඈ...

බිඳකුදුත් නොතෙමීම
යතුරුලෑ දොර පියන්
නොහඬවා නොරිදවා

සයනයට පිටුපාන
හිඳගනී අසුරකට....
හදබිතෙහි හිස් තැනක
නොපැවතුනු ඇසුරකට

ආ පයින් යන්නීය
ඉස්සරම වාගේ
නැති සෙයින්
හිස් තැනක වගක්වත්....
හද ගැහෙන බවක්වත්...




No comments:

Post a Comment

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...