Monday, January 23, 2023

 





වෙඩි ගැට සහස

වසා ලියලයි ඇඟ මස

රිදුම් දහසත් එක් රිදුමකියි

සිතා සැනසෙයි මසැස



එසැවුනු සොඬඳ

පොවන ගංදිය ගැඹුරක

එකලාව ඇදුම

භාවනාවකි සුමිතුර



අකුරු නොකරම පැසවූ

නලෙක මුසුකල පවස

හුදෙකලා වෑ පිටි තලාවක

මුදා හැරියෙමි හවස

2 comments:

  1. මේ අකු කියන්නේ අනුර කුමාර කියනේකද යසස්?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...