Friday, April 15, 2011

දේව්දාස්ගෙන් අරීසාට

ආදර මලකුණු පාවෙන
මැග්දලේනා ඉවුරෙ ඉඳන්
ජීවිතේම ලියුම් ලියපු
අරීසාට ලියන්නෙ මම

මේ ගඟිත්තෙ ඉවුරු කනතු
පාලු කරන් හමා ඇදුනු
ගෑනු පුයර සුවඳ ඉඹපු
අරීසාට ලියන්නෙ මම

දහස් සිරුරු දහස් සයන
නැත,එක පුරඟනක පහස
ලැබ නැවතුනු මට කියපන්
උඹද උතුම් මමද උතුම්

දාසා දෑසේ රුවාන
අඩ සීයක් වස් ගෙවාපු
භග්න සීල පාරමිතා
නුඹට එරෙහි උනේ නැතිද

මත් කඳුලක දිව උලාන
සැබෑ ආදරේ සොයාන
පාරෝ වෙනුවෙන් හිඳින්න
තිබුන නොවෙද මට කියන්න

ගඟ උඩහට පීනගන්න
බැහැ,මට මූදයි පේන්නෙ
උඹ මෙන් මරු දත් පාද්දි
උඩු ගං යටි ගං පදින්න

මියෙන්න හැකි නං මියෙන්න
හැබැයි ආදරේ නමින්ම
කියූ නුඹම නොමැරි ඉන්න
හේතු තිබුනදැයි කියන්න

ගැහැණිය ගැහැණිය උනාවෙ
ආලය ආලය උනාවෙ
මරණය මරණය උනාවෙ
නැහැ.......

කාලය මරණය උනාවෙ

2 comments:

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...