යන්ට උනේ පස් මහ බැලුමේ පවට
උඹේ පයට පූදින්නට පියුම් නැතී
ආවේ මොකද අම්මට පවු පුරවන්ට
දවස් කුලිය ලෙවකන්නට මදිගානේ
බීගත් අප්පාට ගානක් නෑ වාගේ
හූරල නොදා උඹ ඇඬුවොත් මේ වාරේ
වලට තුන්වලක් සිකුරුයි එන වාරේ
කකුල් පල්ලෙ උඹ බේරුනු ඒ ජාමේ
මුලු හිත පැලී හිරිවැටුනා සියවාරේ
දෙතනගලම කිරි තදකර ඇඬුවාවේ
හිරිකටු ඔය දිගට මයෙ දුක පිපුනාවේ
අනර්ඝ කවියක්
ReplyDeleteතුති නෙරංජි
Deleteවස්තු බීජය විස්තර කළොත්???
ReplyDeleteමල්ලි නොවී උඹෙ අක්කල තුන්පොලට,
Deleteහූරල නොදා උඹ ඇඬුවොත් මේ වාරේ
වලට තුන්වලක් සිකුරුයි එන වාරේ,
කකුල් පල්ලෙ උඹ බේරුනු ඒ ජාමේ.....
දෙතනගල හා හිරිකටු ඔය බලන්ගොඩ බෙලිහුල් ඔය ආශ්‍රිතව පිහිටා ඇත.ඉතුරුව ටික තිබිච්චාවෙ.. :)
අපූරු කවියක්......හැබැයි තේරුනේ අඩුවෙන්... යන්තම් ඇබෝෂන් එකක් වගේ දැනෙනවා.. පැහැදිලි කලොත් හුගක් වටිනවා...
ReplyDeleteමීගොඩ නං ගිනි ඕං
Deleteමල්ලි නොවී උඹෙ අක්කල තුන්පොලට,
හූරල නොදා උඹ ඇඬුවොත් මේ වාරේ
වලට තුන්වලක් සිකුරුයි එන වාරේ,
කකුල් පල්ලෙ උඹ බේරුනු ඒ ජාමේ.....
දෙතනගල හා හිරිකටු ඔය බලන්ගොඩ බෙලිහුල් ඔය ආශ්‍රිතව පිහිටා ඇත.ඉතුරුව ටික තිබිච්චාවෙ.. :)