කල්පයක මුල් වසර
පුතු ගැබෙහි නිදි කරන
මස පලා එලි දකින
සිහිනයට කිරි පොවන
වින්නඹුව පෙකනි වැල
කැපූ බව නොම හැඳින
කලල දිය පිරි බැලුම
තවම පුතු වට රකින
පෙකනි වැල දිග දුරට
ඇමතුමෙන් සුව පතන
මේ කිසිත් නම් නොදැන
ඒ රැහැන නැති තුටින
දියත යම් කොන වසන
ඔහු නමට හැම දිනම
යළි යළිඳු පිළිසිඳින
කිරි බිඳිති ලය උනන
ලස්සන කවි සිතුවිල්ලක් !!!
ReplyDeleteප්‍රජනක සෞඛ්‍ය එසේ නිමාවිය.සමාජ අධ්‍යයනය තවම ඉවර නැත.
ReplyDeleteකිරි බිඳිති
ReplyDeleteහරි ලස්සන දෙයක්...
හරිම ලස්සනයි යාලු.. :)
ReplyDelete