Saturday, July 21, 2012

රෝස සහ දාස්පෙතියා




















කන්ද මුදුනේ
හරිතගාරේ
පිපෙනවා රෝස...



කොළඹ යන්නට
ලොරිය එනතුරු
නිදනවා රෝස...


අනඟ රැඟුමට
පෙරව යහනත
සිඹිනවා රෝස...


කන්ද පාමුල
ලැයිම මානේ
පිපෙනවා දාස...


දලු අකුල් යට
මැකෙන තිලකය
දකිනවා දාස...


පෝර, දහදිය
කඳුලු අතරේ
පාවුනා දාස...





2 comments:

  1. මාරම ලස්සනයි යාලු! :)

    ReplyDelete
  2. ඒ කියන්නෙ පීඩිත පන්තියට දාස්පෙතියා.ඒවා මහ ගඳයි බං.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...