Friday, July 20, 2012

පෙකනි වැල



















කල්පයක මුල් වසර
පුතු ගැබෙහි නිදි කරන


මස පලා එලි දකින
සිහිනයට කිරි පොවන


වින්නඹුව පෙකනි වැල
කැපූ බව නොම හැඳින


කලල දිය පිරි බැලුම
තවම පුතු වට රකින

පෙකනි වැල දිග දුරට
ඇමතුමෙන් සුව පතන


මේ කිසිත් නම් නොදැන
ඒ රැහැන නැති තුටින


දියත යම් කොන වසන
ඔහු නමට හැම දිනම


යළි යළිඳු පිළිසිඳින
කිරි බිඳිති ලය උනන





4 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete
  2. ප්‍රජනක සෞඛ්‍ය එසේ නිමාවිය.සමාජ අධ්‍යයනය තවම ඉවර නැත.

    ReplyDelete
  3. කිරි බිඳිති
    හරි ලස්සන දෙයක්...

    ReplyDelete
  4. හරිම ලස්සනයි යාලු.. :)

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...