Monday, June 13, 2011

නුඹ




නේන දිනෙක.....
ඉර හඳ යට.....
තනි මකාවි.....
අපේ මතක.....








Sunday, June 12, 2011

No Parking



හිතේ ඉඩ නෑ කියල
                      පෙනි පෙනිත්
park කරල
                     යන්න යනව
අන්තිමේ
      දඩ ගෙවන්නත් ඕනෙ මම....







Saturday, June 11, 2011

මම කන්නන්

පොඩි බේබි බැටිංමයි
හැමදාම මං තමා
කාණුවේ රිංගුවේ
බෝලෙ යන යන සැරේ

ලැයිං කොන පිට්ටනියෙ
වත්තෙ සෙට් එක මැද්දෙ
හයේ ෂොට් සෙන්චරිස්
දාපු කන්නන් මමයි

කෝ ඉතින් පොඩි බේබි
ස්ටම්ප් තුන ගැලවුනත්
අවුට් එක දෙන් නෑනෙ



                                                         

Thursday, June 9, 2011

සන්තුස්සකෝච සුභරෝච



එක නමක් ගොකරැල්ලෙ
අනික් නම කැස්බෑවෙ
වෙලාවට මගෙ ගාව
පහලොවක්වත් තිබ්බෙ

තමුසෙලගෙ ඇබිච්චං
නෙස්ටමෝල් පැකට් එක
විකුණගෙන කන්නවත්
පුලුවන්ද හිතනවකො



Wednesday, June 8, 2011

එන්ජින් ඩ්‍රයිවර් සහ සැමියා


හෝන් පාරට
හුඟක් ගෑනු හැරුනට
මේකි නෙවෙයි හෙලවුනේවත්


වෙනදත් රන්ඩු උනාම
පනිනව කියනව
ඒත් අද? 


Tuesday, June 7, 2011

ඈ වළප







අම්මේ.....
උඹවත් කියාපන්කො
මේ අලුගෝසුවන්ට..
මම කිරි පොවන්න දන්නව කියල..
උඹයි අප්පයි කැලේ දර කඩද්දි
නංගිට කිරි පෙව්වෙ
මමයි කියල..











Sunday, June 5, 2011

කලාපෙට රෑ උනාවේ ...

නමට නිදහස් කලාපේ
ගෙස්ට් හවුස් කුටි ජනේලෙන්
රලට ඉහලින් නිවී දැල්වෙන
අහස් යන්තර කුරුල්ලෝ
 
නයිට් ෂිෆ්ට් එක යකාටයි
ආටා මල්ලිට දෙසීයයි
වලලු ගැහිලා කලින් ජංගිය
එබුනෙ දොර කොන එතීලයි

බාගදා ඉඳහිට උනත්
වජිරනාතට වැඳ වැටී
මේ බිත්ති මැද ගෑණියෙක් උනු
දාට හිත යනවා ඇතී

එදා හිට අද වනතුරා
ප්ලේන් බෑවා නැග ගියා
ගිමන් හල බිමකුලිය ගන්නා
එයා පෝට් එක මම උනා

හැලි බඩට මුගෙ මිරිකිලා
දාහ මදි හිත කියනවා
හතර පාරේ ගමට බස් එක
දැකල තාමත් ඇඬෙනවා

කල්වාරියේදී



හදවත් කුරුසියේ
ප්‍රේමය ඇණ ගැසූ
නුඹ වෙනුවෙන් 
මතු භවයෙක හෝ
උත්ථානය ලබමි මා

Saturday, June 4, 2011

සිහින රඟමඩලේ



ගිලී ගොම්මන නුහුරු නිම්නය අඳුරු සළු පිලි පොරවලා
නැගී පතුලෙන් එබී පඩි නැග සමනලුන් යති පියඹලා
උනයි මිහිදුම,තුරග සෙවනැලි අඳී පොලවේ රූ රටා
උනා හීතල වලේ ගැට්ටේ වකුටු වී ඉමි දුර බලා

ඈත කොන හිඳ ආල සිත්තම් අඳින යුවලකි හිතුමතේ
අඳුරු තිර පට මෑත් කර හිත එබෙයි උන් වෙත හිතුමතේ
අසුරු සැන සඳ,"පවුරු" පැනවිත් නේක අබරණ යුතු ගතේ
කුමරි මනමේ වලේ පතුලේ තනිව රඟ දී හිනැහෙතේ

පය එතුනු පෑ මිණි සලඹ නද මා සවන් ඇලලූ ලෙසේ
ඈ තබන අඩි එකක් ගානේ හිතේ ලූ පෙම දුල ලෙසේ
ලාලසා වැසි නෙරිය හැංගූ හවඩි පොට විසිවිය මෙසේ
මා දෙපා අස හඬ නගා නිසසල උනා ඇගේ වත ලෙසේ

ලවන් නොම තෙපලූ නමුත් එය ගෙන දියන් බස ඇස් කොනේ
හැඩ නැතද පෙම අගමිණයි කිරුලේ,දරා මනමේ මෙනේ
දෝත ගෙන හවඩිය රිදී ඈ පලඳවන්නට පිය මැනේ
ඈ නොවේ මා වෙත බලා තුති කැන් සිනා පිදුවේ අනේ

ඈ නුවන් වෙනතක තැවෙයි මෙන සෙවූ කිම ඔහු පමා
ඈ දෙපා මුල ගිලිහි සිත් මල නුවුමනා ලෙස හැර දමා
වැදි රජෙක් තව ආ නොආ බව නොපිලිවිස හඬ ගා මෙමා
තව නොඉඳ මා ගෙල සිඳින් මේ කඩු තුඩග සැපයකි අමා

මියෙනු පලමුව හීන නලුවෙන් අවදි විමි මොරගා මෙමා
මුමුණ මුමුනා යුවල පඩි නැග වලට සමුදී පා නගා
ඈ මැදුර පහනින් එකින් එක එලි නැගෙන සඳ රැය මකා
දිනක මතුයේ අඳුරු වල මැද මියෙන මනමේ විය මෙමා 






Wednesday, June 1, 2011

මෙරු







පියාඹන'යුරු

තටු තියෙන තුරු

මෙරු තමා මෙරු

වැළඳ සැන මරු

මෙරු තමා මරු




Related Posts Plugin for WordPress, Blogger...