Sunday, October 23, 2011

විරු මග ලකුණ




ගත් මග පියවර
අඩි සළකුණු ඇත...
එගං දෙගම්බඩ
නුඹ සෙවනැලි නැත...
පැදූ දියවර
පවස නිවන අද...
එදිය විසෙහි ලා
බොර කරවන්නට...
තනන උනුන් හා
සයුරත හමුවී...
යුතුකම් දියකඳ
මුදන අපත් හා..
එනු උරෙනුර වැද
දෑත් එකට බැඳ...


(ඔක්තෝම්බර් 22 දිනට යෙදුනු පද්මසිරි ත්‍රීමාවිතාන සොයුරාගේ ගුණානුස්මරණය නිමිත්තෙනි )





Sunday, October 16, 2011

නොඑතෙන් සුලඟ



අයිතිකරගන්න දත කන
හුළඟ ඇයි උඹට අමතක
උඹ අනියම් බිරිඳ වග
මං තිරයි මේ මහපොලව මත



Saturday, October 15, 2011

ස්වාර්ථ



පරාර්ථකාමයත්
එක විදිහක ආත්මාර්ථකාමයක්
හැබැයි
අතට අහු නොවෙන දේ
බලාපොරොත්තු වෙන..
අතට අහුවෙන්න උනත්
වෙන වෙලාවක බලාපොරොත්තු වෙන....








Friday, October 14, 2011

එතකං පාවෙන්න



එන්න යන්න ඔරු පදින්න
ගලන් නෑලු දැන් ගඟ
වැහිලලු අන්න මෝය කට
සනීපෙට පාවෙතෑකි එක තැන


මොකට දුවනවද දාඩිය හල හල
වැලි කඳු හාරල හති වැටෙන්න
ඉවසුවොත් නාකද වාරකං යනකං
එතකං පාවෙමුකො කලපුවේ අපි ඉතින්



Tuesday, October 11, 2011

එකසිය හැට හය



එක්ස් රේ රබානට
අතිනි තට්ටුව හෙමිහිට
ජෝති හඬ තාලෙට
බසේ මැද නුඹ උන් විලාසෙට

කොට කොටා හැට හය
නිසල බැල්මය ඉවතක
නොහොල්ලන ඇස් යුග
හිස් කතාවකි කියන නොකියන

නොම කිළිටි ඇඳුමින
වැටෙන රුපියල් කිහිපෙට
නොවේ නුඹ ලතවෙන
ඈත නොපෙනෙන ඉමක මෙන හිත

ගිලිහෙන්න දිලිසෙන
ඩහබිඳු නාස් පුට අග
මගෙ හිතට වදදෙන
බැල්ම තවමත් තැවෙයි අහකක



Tuesday, October 4, 2011

දිය මත



පෙම් බැඳන්
හබලතට
නුඹ.....

අත් හරිමි
ඔරු කඳම
මම.....


Saturday, October 1, 2011

යුද්ධය



පළමුවත් මරණය
දෙවනුවත් මරණය
තෙවනුවත් මරණය



Sunday, September 18, 2011

හිතක වැහි


හීතලට ගුලිවෙන
වැහි පොදට හැංගෙන
මීදුමට රිංගන
මහනුවර ඔබමය... 
     
සැඩ නලිති මැද්දේ
කලු අහසෙ තටු ලන
හන්තානෙ ගිම්ලන
ළිහිණි පිළ මා මය...






Saturday, September 10, 2011

වෙද කඩේ ෂයිලොක්ලා



ඇඟ ලේ බිඳිති කිරි කරලා දුන් මවට
මැනලා වී පුදන පුතුනුත් සිටින කල
අම්මා මවු කිරත් මැන මැන දෙන රඟට
නියතයි රාත්තල රුහිරෙන් පුතු යදිත


Sunday, September 4, 2011

නික්මීම



පලමු බඹරා නොවෙමි නුඹෙ සුවඳ පෙති පතපූ
සියක් බඹරුන් ඒවි හිත් මලේ රූ දැකපූ
එකම බඹරා මමය නුඹ කඳුලු ගැන හිතපූ
පෙති රිදේ යැයි තැවෙමින් දුක් නොදී හැර ගියපූ


Related Posts Plugin for WordPress, Blogger...