මහත්තයෝ,ඔය ඉඩ තියෙන හැටියකට ඈඳි ගත්තනං.
මහත්තයට කියන්න මහත්තයෝ මම මේ ගමේ මනුස්සයෙක් නෙවෙයි.උපන්නෙ බලපිටියෙ බ්‍රාහ්මණවත්තෙ.කිරිබත්ගොඩ මගෙ ලොකු හමුදුරුවො ගාව තමා පැවිද්ද ලැබුවෙ.ටික කාලයක් එතන ඉන්නකොට මට තේරුනා මම භික්ෂුවක් විදිහට ස්වාධීනව ඉන්න ඕනෙ කියල.මම මොකද කරේ,දැම්ම පත්තරේ ඇඩ් එකක් වැහීගෙන ගෙන යන පන්සලක් තියෙනවනම් ඇවිත් දියුණු කරනව කියල.මට ආව ලියුම් එකසියගානක්.ඒවයින් මම තෝරගත්තෙ මේ ගම තමා මහත්තයො.
මේ ගමේ ඉන්නෙ අන්ත අසරණ දුප්පත් මිනිස්සු.වේල් දෙකයි කන්නෙ.සතියකට එක පාරක් විතර තමා කරවල කෑල්ලක්වත් කන්නෙ.එහෙව් මුං මට දානෙට මුහුදු මාලු ගෙනත් දෙන්න පටන් ගත්ත.මහත්තයෝ භික්ෂුව දානෙන්ම යැපෙන්න ඕනෙය.මේ දාන වේලෙන් මට පවු සිද්ධ වෙනව.මහත්තයත් ඉතින් බෙන්තර ගගෙන් එහා එකෙක්නේ.මගේ මොලේට ආව මරු අදහසක්.
මම මේකයි කරන්නෙ.හැමදාම පාන්දර පහමාරෙ බස් එකෙන් මම යනව මහත්තයො අවිස්සාවේල්ලට.ගිහින් හෝටලේ උඩ තට්ටුවට වෙලා හොඳට අනුභව කරනව උදේ ආහාරය රජෙක් වගේ.නගිනව රත්නපුරේ බස් එකකට.ගන්නව රත්නපුරේටම ටිකට්.යනගමන් හොඳට දෙපැත්ත බලාගෙන ගිහිල්ල ඇති හැකි උස තාප්ප ගේට්ටු තියෙන ගෙදරක් දැක්කම බැහැගන්නව.අනිවාර්යයෙන්ම ඕව මැණික්කාරයොන්ගෙ ගෙවල්නෙ මහත්තයො.ඇතුලට ගිහින් කියනව මගෙ කතාව,මෙහෙමයි මට පොඩි පන්සලක් කර ගෙන යනව ඒකට ආධාර පිණිසයි මට කුළුබඩු දත්බේත් එහෙම ගන්නයි කීයක් හරි පරිත්‍යාග කොරන්නෙයි කියල.අනිවාර්යයෙන්ම රුපියල් දෙතුන්දාහක් ෂුවර්.අදිමදි කොරනවනං මං ඉතින් ධර්මානුකූලව සාප කරන්න ගන්නව.මහත්තය දන්නවද දැන් මෙහෙම මෙහෙම ගිහිල්ල රත්නපුරේට ලංවෙනකම්ම ගිහිල්ලයි තියෙන්නෙ.ඉතින් මහත්තයො ගාන හොයාගෙන දවල් කෑමට අර හෝටලේටම ගිහින් බුරියානි හරි මොනව හරි කාල අතුරුපසකුත් අඹරල රෑට මොනාහරි මසක් මාලුවක් පලතුරු අයිස්ක්‍රීම් ටිකක් අරන් ආවාසෙට එනව.ඔහොම ඔහොම මම මහත්තයො මාසෙකට අඩුමගානෙ අසූවත් අනූවත් අතර හොයනව.දැන් මේ කෙරුවාව පටන් අරන් අවුරුදු හයක් විතර වෙනව.ඔය අස්සෙ ජනාධිපතිවරණෙට මැණික්කාරයෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුව දින්නොත් විහාර ගෙයි හදල දෙන්න කියල.දෙයියන්ගෙ පිහිටෙන් ඒකත් හරි ගියා.මහත්තයට කියන්න දැන් මගේ නමින් එයාපෝට් එකේ කාර් එකක් හයර් දුවනව.මේ සෙල්ලම පනස් පහ වෙනකං විතරයි.පනස් පහේදි මම යනව දඹදිව.එහෙ පිණ්ඩපාතෙට දෙන්නෙ සල්ලිලු.අවුරුදු පහයි මම ඉන්නෙ.ආපහු එනව ලංකාවට.එන්නෙ අනිවාර්යයෙන්ම ප්‍රාඩෝ එකක් අරං.එහෙ කාටහරි කියල මට ප්‍රදානය කරවගත්තොත් ටැක්ස් ඇත්තෙත් නෑ.වාහනේ ගෙනත් ගමේ එකෙක් අල්ලං ඌට කියනව උඹට තමා මගෙන් පස්සෙ හැම දෙයක්ම හැබැයි මගෙ දැලි රැවුල් කපපිය,රෙදි ටික හෝදල දීපිය කියල.අනික මහත්තයෝ පේනව නේද ඔය අඩි පාර දෙපැත්තෙ තියෙන ඉඩේ වැවිල තියෙන මැහෝගනී කට්ටිය.හැටේදි මම ආපු ගමන් ඕක කපනව.ඕක ඉස්කෝලෙට ඉඩං ගද්දි ඉතුරු උන කෑල්ලක්.ඒ ටික විකුනල ඕකෙ මං දානව තේ.එතකොට මම ඉඩංහිමි වැවිලි කරුවෙක්.මම මේ ගමේ අහිංසක මිනිස්සුන්ගෙ පාංශුකූලෙට දානෙට මගෙං වෙන්න ඕනෙ වැඩ ටික කරන එක මම වරද්දන් නැතුව කරනව හැබැයි මේ අහිංසකයොන්ගෙන් උයවං කන්න තරං මං පාහර නෑ.මේ තියෙන්නෙ මගෙ ඩී.වී.ඩී. එක ටීවී එක ෆ්‍රිජ් එක.බාත් රූම් එක ටයිල් කරපු කොමඩ් එකක්.
මහත්තයෝ මට බුදුවෙන්න ඕනෙත් නෑ.මේ සිවුරෙ හිටිය කියල මගෙ හීන නැතිකරගන්නෙත් නෑ
අම්මෝ මේක පුදුම කතාවක් නේ !!!!
ReplyDeleteමම නම් මේවට මුකූත් කියන්නේ නෑ. මේවට එක එක දේවල් කියලා පවු සිද්ධ කරගන්න මට බෑ. ඒ අය කරන පවු ඒ අය ගෙනියයි.
ඒ වැඩෙත් නරක නෑ. ඒත් අර හම්බ කරපුවායින් ගමට මොනවා හරි කොරානම් තමා හොඳ...! නැත්තම් ඕක හොරකමක් මිස වෙන මුකුත් නොවේ.
ReplyDeleteතම තමන් කරන දේවල් තම තමන් ගෙනියයි.
ReplyDeleteතථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ප්‍රකඨ කරවීම පිණිස උන්වහන්සේ යොදාගත් උතුම් වචන කසළ ලිපි වල මාතෘකා ලෙස යොදන මෝඩයන්ට අනුකම්පාකරනු හැර කලහැකි අන් යමක් නැත.
මුල හරිය කියවනවිට මම හිතුවෙ එහෙම කීයක් හරි හොයාගෙන ඇවිත්, අර ගමේ මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය නගා සිටුවීමට වෑයම් කළ හාමුදුරුනමක් කියලා. නමුත්, අප අවට වෙසෙන බොහෝ චීවරධාරීන් මෙන්ම, මේ චීවරය විකුණං හම්බ කරන කෙනෙකුගෙ කතාවක්. විස්තරයෙ හැටියට සමහරවිට ඔබට ඇත්තටම මේ තැනැත්තා කළ පාපෝච්ඡාරණයක් වෙන්නත් ඇති.
ReplyDeleteකෙටි කථාවක්/ලිපියක් ලෙස ගත්තහම, උසස් මට්ටමක ඇති බව නොකියාම බැහැ. කියවන්නාට එක හුස්මට කියවගෙන යා හැකි පරිදි, ඊලඟ වැකිය කියවනතුරු කුතුහලය රඳවාගෙන ලියා තිබෙනවා. භාෂා ව්‍යවහාරය, සිද්ධි පෙළ ගැස්ම, අපට මේ පුද්ගලයාගේ ජීවිතය ගලා ගිය ආකාරයත්, කිසිදා මිය නොයන්නෙක් සේ ඔහු දකින හීනත් අපූරුවට හෙළිදරවු කරනවා. අර අන්තිම වාක්‍යයෙන් මුළු රචනය පුරාම යටින් ඇදී ගිය හැඟීම එළිපිටම කියාදමනවා. හරියට අර සිවුර තුළ සැඟව සිටි අමනයා එළියට ඇදලා දැම්මා වගෙයි.
ඒ වගේම මේ යොදාගත් නිමිත්ත, බෞද්ධ අපි බොහෝවිට දකින, නමුත් කථා නොකරන එක් පැතිකඩක්. මෙයයි සත්‍යය. නමුත් ඒ ගැන කථා කිරීම පවා බෞද්ධකම ප්‍රශ්න කරනු ලැබීමට හේතු වෙනවා. ඇයි ඒ? සත්‍යය ඒ තරම්ම ජුගුප්සාජනක නිසා, එය වැසී තිබීම වඩා යහපත්යැයි සිතන නිසාද?
බුදු දහම වැනසෙන්නෙ සසුන තුළින්මයයි කියන්නෙ මෙවැනි සිද්ධින් සම්බන්ධයෙන් වෙන්නට ඕන.
කනිෂ්ක:-මම ඔබෙ මතයට ගරු කරමි.ඔබට රිදුනු තරමට වඩා මගෙ හිත රිදුන මේ කතාව අහං ඉඳිද්දි.ඒත් ඒ මාතෘකාව යොදන්න හේතු තිබ්බ.
ReplyDeleteනලිනි අක්කේ:- මෙය මම අත්දුටු මම සහභාගි උන සංවාදයක්.මම ඇස් උඩ තියං අහං හිටිය මිස මට කතා කරගන්නවත් බැරිඋනා.ඒත් මට දැනෙනව මෙහෙම.වර්තමාන සමාජ ආර්ථික රටාවන් සංඝ සාසනය මේ තැනට ඇදල දාල තියෙනව.බුදුවරු වත්මනේ නැති නිසා කාටවත් මේ රැල්ලෙන් මිදෙන්න අමාරුයි.සිවුර ජීවනෝපාය කරගත්ත අය ඕනෙ තරං අපි දැකල තියෙනවනෙ.අපි හැමෝම මේ විදිහට හැසිරෙද්දි කාව උනත් ලෝකෝත්තරව හැසිරිය යුතුයි කියල අපිට නිගමන දෙන්න බානෙ.
එළ එළ මචං සාසනේ රැකගන්න ඕනෙනං ඔයවගේ පාහරයොත් ඕක අස්සෙ ඉන්නවා කියලා ලෝකෙට පෙන්නලා දෙන්න ඕනෙ.අපේ උපාසක ඇත්තොත් ඉතිං මොන උරුළෑවා පොරවං හිටියත් සිවුරනං වඳින එකනෙ කරන්නෙ.
ReplyDeleteරුවන්වැල්ලෙ සිද්ධිය හා සමව ගමන් කරන කාලෝචිත කතාබහක්.
ReplyDeleteහරිම ලස්සනයි අකූ මම..ඉදිරියටත් කියවන්නම්..තව නිවි හැනහිල්ලෙ කියවන්න ඕනේ...
ReplyDeleteනියම කතාව... තාම මගේ ඔලුව දිගේ කරන්ට් එකක් යනවා වගේ... ඇත්තටම මැක්සා.
ReplyDeleteමතෘකාව ගැනවත්, සන්දර්භය ගැනවත් කිසිම විසංවාදයක් නෑ. කතාවක් විදිහටත්, නිරුවත් කිරීමක් විදිහටත් ඇත්තටම අගය කරනවා.
ReplyDeleteවචන පාවිච්චිය ගැන කියන අයට තවදුරටත් කියනවා නම්...,
රෑට රෑට ප්‍රමුඛ උපාසක මහත්තුරු එක්ක set වෙන චීවරධාරියෝත්, night club ගානේ ගිහින් රතු කට්ට පැනලා karaoke වලට නටන චීවරධාරියෝත් ඉන්න බව මගෙ අත්දැකීමෙන් දන්න බව කියන්න කැමතියි. දිනුකගේ අදහසට මමත් අත් දෙකම උස්සනවා...
මේ කතාව අදහගන්න අමාරුයි තමයි. ඒත් මමත් ලහිරුත් එක්ක විස්ම පත් වෙලා ඔය කතාව අහගෙන හිටියා...
ReplyDelete