පොල් පේලි අතර තණකොල හොයන කිරිදෙන්නු
වේලි දෙල් කොල උඩිං ගොර අදින කර හුලං
ඉරි තැලුනු වෑ පිටියෙ පණ අදින නෙලුම් දලු
හෝන් කොත් වගේ මට දැනෙනවා හැම දේම
මාන්කුලමෙදි මිසිං උන අයිය හොයාගෙන
පොඩි එක ගොහිං දැන් මහ කලක් ගත උනා
"අම්මෙ මං ඕකුන්ව මරාගෙන මැරෙනවා"
එදා මළ ඉර තාම වැව උඩින් පිපෙනවා
බොල් අහසෙ තටු ගාන වරා මල් බල බලා
මැටි කට්ටෙ දූවිල්ල තවත් උඩහට ගියා
උඹෙ සොවට මහ උන්දැ ලෙඩ ඇඳේ තනි වෙලා
හිත යටින් හූල්ලයි හුස්ම පොද තල තලා
අයිය පණ ගෙනිච්චා,උඹ හුස්ම ගෙනිච්චා
මට් තාම බැරි උනා සුදු මූණු දකින්නට
පෝදාට පානකින් තනිය හූරාලන්ට
ඇයි උන්ට බැරි උනේ උඹලාව එවන්නට
පන්සලේ බෝධියේ බැම්ම උඩ හැමදාම
පාංවැට දිලෙනවා උඹෙ නමින් තුන් රෑම
පිංකමට ලොකු සාදු උඹේ නම් කියනකොට
පුරා හඳ වැහෙනවා කලු වළා රොත්තකට
හංදියට ගියදාට බස් එකෙන් බහිනකොට
බස් හෝල්ට් බිත්තියේ පොටෝ දෙක දකිනකොට
එන අතරමග අනිත් බස් හෝල්ට් දකිනකොට
අබ මොටද මේ දුකට මයෙ පුතේ නාකි මට
අහා අනිත් උන්ට අමතක උනාට යුද්දෙ අනිසි ප්‍රථිපල තාම ඉවර නෑ.එළ මචං මට අල්ලලම ගියේ අබ හොයලා වැඩක් නෑ කියන කෑල්ල.
ReplyDeletehmmmmm
ReplyDelete