දෙසුම් හල පංකා විලාපය සිහිල නොගෙනේ දැවෙන සිතකට
ඇවිරි කවුළුව ඈත අහසට වැහි ගෙනා සුව මකා දමමින
ඇහැළ මල් පිපි පාලු මාවත පා තැබූ අඩි මැකී නැත තව
වහින වැස්සට හමන හුළඟට අපි කියූ කවි මතක නැත තව
සීත වැහිබර සැඳෑවක අග වදුලු තුරුලේ සැඟව උන් අප
ගං ළමැද කිති කැවූ උණ දලු සේ හද සරය විඳිමින
ඒ ගඟම අද සුළි නගා කැරකී සොයයි නුඹ දෑල දෙගොඩම
නලේ නුඹවත් කියාදීපන් ඈ යලිත් මෙහි නේන වගතුග
මල් උයන් කොන දෑස් මානන දහස් දනගෙන් වසංවීගෙන
සිම්බ නලලත දෑස් වසමින දැනුනු උණුහුම මතක ඇත තව
සියක් දන ඇස් කඳුලු අතරේ සිම්බ මොහොතේ නුඹේ නලලත
දැනුනු සීතල මතක් කෙරුවා මගේ සඳ අවරේ ගිලුණු වග
හීන විජිතය කන්ද මුදුනේ තනා උන්නා නුඹට මතකද
අදත් රෑ කල පාලු අඳුරේ විදුලි බුබුලින් ඇලී දිලිහෙන
අකුණු සරකින් රැයම එලිවී තුබූ තන්හිම අරා උන් සඳ
මේ බිමම සොහොනයි නුඹේ හන්තාන වී මතුයේ සොහොන් කොත
ගෙවුනු තෙවසර පැයකි අද මට එළැඹි වස කප් සහස් වනසේ
තවත් දවසක් ඉපිද මියැදේ නුඹ තෙපුල් සවනේ බමන සේ
මියෙන්නට තව පණක් නෑ මට එයත් ගෙන ගිය සෙයකි රහසේ
හෙටත් ගං මත පාලමට වී නේන නුඹ නෙත් සොයමි රහසේ
මම මේක අයියගේ මූඋණු පොතේ නෝට් එකක් විදියට දාලා තිබ්බම දාපු කමෙන්ට් එකම ආයේ දාන්නම්.. මගේ පෝස්ට් එකක් විදියටත් මම මේ කවිය දැම්මා.. ඇත්තටම මම මේ කවියට හරිම ආසයි අයියේ.. ලස්සනයි..
ReplyDeleteදෙසුම් හල තුල දැනෙයි පාලුව
දනිමි නුඹ මා හට අහිමි බව,
සමුගැනීමට මොහොතකට පෙර
සිතෙහි රදවා ගනිමි ඔබෙ රුව,.
නුඹෙ වන්නට නොහැකි මා හට
සොඳුරු මතකය පමනි ඔබ ගැන,
යලිත් දිනයක ගං තෙරට වැද
අපේ මතකය අලුත් කල මැන,.
මතක මං පෙත සහස් කවි පද
නුඹ නමින් තව පබැදෙමින් ඇත,
නමුදු පෙම්වත ඔබේ ස්නේහය
සමකරන්නට කිසිත් මෙහි නැත,.
මියගිය පෙම්වතිය වෙනුවෙන් වැලපෙන පෙම්වතෙකුගේ ශෝකාලාපය..
ReplyDeletewowwwww niyamai yasas ayyeee.....maxsa...
ReplyDeleteමරු හොදේ...
ReplyDeleteමැක්සා..
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක්.
ReplyDeleteහරිම ලස්සනයි,හිතට දැනුනා..
ReplyDeleteමේ වගේ ඒත් ටිකක් වෙනස් එකක්ද මන්දා උඹේම කවක් දිනෙක කියෙව්වා මතකයි ෆැකල්ටි 'ආර්ට් එකේ' නෝටිස් බෝඩ් එකේ.....
ReplyDeleteමේකමයි.....ෆැකල්ටි ආපුම දවස්වල.....පණ්ඩිත් ගාව තාම මුලින්ම ලියපු එකේ කොපියකුත් ඇති
ReplyDelete