නේරංජන ඉවුර මෙපිට
අවසඟ වී දෙපය බරින
ආපහු නුඹ වෙතින් හැරුන
රාත්‍රිය මතකද
දිය ඇති නැති ගං වැල්ලට
මෙපිටහ ගංබඩ ඉඳඟෙන
කෙළෙස් කදක් උර තියාන
සුබ ගමන්ය යැයි පතන්න
කුහක උනා මං
සියෙරාමෙස්ට්‍රාවේ
කඳු බෑවුම් ගානේ
පාරමිතාදම් පුරාපු
චේ දැකලා නැත
ස්වාර්ථය බිම පාගා
පාරක් පාරක් ගානේ
දහදියරට ලේ හරවන
උඹ දැකලා ඇත
මේ වෑයම කාවෙනුවෙන් කා උදෙසාද?
ReplyDeleteඒ උනාට බං ඌ බළල් හස්තයනේ.උඹනේ මහමොළකාරයා..හෙඃ හෙඃ
ReplyDelete