තණබිම් ඉද්දර
අහඹුව නැවතුනු
වන ගුල්මෙක අස
නැවතී හුන්නා
තුරුගොමු අතරින්
ලියවැල් නටමින්
වෙලේවි බඳ වට
හවසක ඇවිදින්
හිතමින් උන්නා
පතමින් උන්නා
අත් අල්ලාගෙන
යනතුරු කැන්දා
අහසට පෙමිනා
ඉහලට ඇදුනා
මිස තුරු අගිනා
බැල්මන් නොහුනා
දඩයක්කරුවෝ
දරමිටි කැපුවෝ
වනයට ඇදුනෝ
වනයෙන් මිදුනෝ
අදරැති සෙනෙහෙන්
මහකල් ගෙවුනා
කිකලෙක වනරොද
ඉම නොම පරයා
හමරැළි වැටුනා
පස තෙත සිඳුනා
සුසුමෙන් සුසුමට
සෙවනැලි ඇරුනා
රංගය අවසන
බැරි පය ඔසවා
පෙම් බැඳි අරණට
යන්නට සිතුනා
පියවර සුඟකට
එපිටහ පැත්තේ
මතකය වහගෙන
මියැදී වැටුනා
වනයට රිදුනා
හුනිද නොඅඟවා
ඊයේ විලසම
ඉහලට වැඩුනා
දඩයක්කරුවෝ
දරමිටි කැපුවෝ
වනයට ඇදුනා
වනයෙන් මිදුනා
දුක හිතෙන කථාවක්......
ReplyDeleteමිනි කව්.ලස්සනයි සහෝ
ReplyDeleteඑහෙම හරි වන රොදක් දැක ගන්නේ මේ පින්තුර වලින් තමයි කොළඹ ඉන්න අපිට. ලස්සන පද පෙල..
ReplyDeleteලස්සනයි නිසඳස...
ReplyDelete