අනියම්ය ප්‍රේමය විටෙක
එකම උල්පත නොම සොයන්නට
බැතිමත්ය ප්‍රේමය
එකම ඌලක පැහැ සොයන්නට
විධිමත්ය ප්‍රේමය
හතර මායිම් පැන නොයන්නට
සිහිමදය ප්‍රේමය
විදුලි වැට උව ඉක්මවන්නට
පතිනිබර කදුරුද
පාමුලට යන ගැඹුරු දෙනිවල
ඉතා නිහඬව ගලා යනවා
කොයියම්ම අතුගඟක් අබිමුව
එහෙමමත් දවසක
දෙගම්මැදි බිම්වල
සරු පස පලා මතුවෙන
සුවඳ මල් පුසුඹට
දුවන හිතකට මදු තියමු තව ?
අරුත්බර ලස්සන නිමැවුමක්..
ReplyDeleteමෙහෙම දස්කමක් තියෙනවා කියලා දන්නවා උනත් මෙහෙම පිටුවක් තිබුනා කියලා දැනගත්තෙ අද..
ReplyDeleteලස්සනයි යාලුවා..👍😍
සමහර ඒවා තේරෙන්නෙත් නෑ..මට නම්..😒😊🤣👍👍
සදා ජය..!!!🙏