Friday, July 26, 2013

ගඟක වත


අනියම්ය ප්‍රේමය විටෙක
එකම උල්පත නොම සොයන්නට
බැතිමත්ය ප්‍රේමය
එකම ඌලක පැහැ සොයන්නට
විධිමත්ය ප්‍රේමය
හතර මායිම් පැන නොයන්නට
සිහිමදය ප්‍රේමය
විදුලි වැට උව ඉක්මවන්නට

පතිනිබර කදුරුද
පාමුලට යන ගැඹුරු දෙනිවල
ඉතා නිහඬව ගලා යනවා
කොයියම්ම අතුගඟක් අබිමුව

එහෙමමත් දවසක
දෙගම්මැදි බිම්වල
සරු පස පලා මතුවෙන
සුවඳ මල් පුසුඹට
දුවන හිතකට මදු තියමු තව ?

2 comments:

  1. අරුත්බර ලස්සන නිමැවුමක්..

    ReplyDelete
  2. මෙහෙම දස්කමක් තියෙනවා කියලා දන්නවා උනත් මෙහෙම පිටුවක් තිබුනා කියලා දැනගත්තෙ අද..

    ලස්සනයි යාලුවා..👍😍

    සමහර ඒවා තේරෙන්නෙත් නෑ..මට නම්..😒😊🤣👍👍

    සදා ජය..!!!🙏

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...