සරසවි ජීවිතය නිමාවෙන්නත් ඔන්න මෙන්න. උරුවම් බාමින් ඉන්න අතර පුරුදු ගීතයක තනුවක් ඉබේම මිමිණුනා.අතරින් පතර කොයිවෙලේත් අතීතයෙ ජීවත් වුනත් හිත බොහෝමයක් වෙලා ඒ ගීතයත් එක්ක අතීතයෙ සැරිසැරුව.ඇත්තම කිව්වොත් හුඟක් දේ වෙනස්වෙලා. මං වෙනස් වෙලා. එදා උන්නු සමහරක් යාලුවො වෙනස් වෙලා. ඉස්කෝලෙ උනත් වෙනස් වෙලා ඇති.
ඒ ගැන වමාරන්න මේ කාලය මදි.වයසට යන්න කලින් ඒ දේවල් කොහේ හෝ තැනක කුරුටු ගාන්නත් අදහසක් තියෙනව.
මේ හැමෝම එක්ක බෙදාගන්නෙ ඒ මතකයෙ එක පිටුවක්. උසස් පෙළ විද්‍යා ශිෂ්‍ය සංගමය එකතුවෙලා කරපු 2006 විදුසැරිය විද්‍යා දිනයේ තේමා ගීතය.
ජීවිත හිමේ පා පොඩි නගා
නුඹ ඇකයේ විඳි උණුහුම
මතකයෙ දවටා
ඉගිලෙන්නද කෙලෙසින්
හීන මල්ල තුරුලු කරන්
ආ කාලය පාව ගොසින්
දෙනෙත් අගට කඳුලු උනා
කියයි හිනැහිලා
නුඹ කියූ ලෙසම අරුත් පිරුනු
ඉම්කොන් නැති ජවය සොයා
විදුසැරියේ..
නික්මෙන්නට අවසරයි
ගයන්නෙ හිරාන් එක්ක අසංක අයියා. සංගීතය රචික අයියගෙ. වීඩියෝ කලේ චරිත් ලක්ෂාන්. ඉතින් එකතු වෙන්න ඒ මතකය බෙදාගන්න.
මම ඈව දෑහට නොදැක කාලයක් ගතවුනා. ඈ සනීපෙන් ඇති කියල හිතනව.දරුවො හැමෝම ලෝකෙ කොයි මුල්ලෙ හිටියත්, හැමදාමත් අම්මව මතක් කරනව අම්මෙ.
අතීත මතක
ReplyDelete:)
තව ශෝක් පොටෝ වගේකුත් හම්බුනා. වෙලාවක දාන්නන්කො :-)
Deleteසිරාම මතකයක් ඉස්කෝලෙ ගැන තියෙන්නේ මටත්. ආයෙත් ඒ කාලෙ එනවනම් කොච්චර නම් අපුරුද?
ReplyDeleteජීවිතේ ගොඩක් දුර ඇවිත්...මේ post එක දැක්කම හිත ගොඩක් බර වුනා...දුකෙන්. ඒ කාලේ කරපු දේවල් මතක් වෙද්දි හිතට දැනෙන්නෙ පුදුමාකාර හැගීමක්. කට්ටිය එක්ක හිනා උනු හැටි, වලි දාගත්ත හැටි, චිරාන් එක්ක සoස්කෘතිය ගැන තර්ක කරපු හැටි, කට්ටිය හවස set වෙලා සින්දු කියපු හැටි මතක් වෙද්දි තියෙන්නෙ පුදුම හැගීමක්. ඒත් ඒ කාලෙ ආයෙත් නැහැ කියල හිතෙද්දි හිත පුදුම විදිහට බර වෙනවා.
ReplyDeleteඒ මතකයන් මෙච්චර සුන්දර වෙයි කියල ඒ කාලෙ හිතුනානන් තව වලි දා ගන්නත් තිබුනා. :P
අන්තිමට කියන්න තියෙන්නෙ ඒ කාලෙ අසමසමයි කියල තමයි.
මාවත් tag කරාට ගොඩක් ස්තුතියි මචන්....
-තරිදු-
:-)
Deleteනියමයි !!!
ReplyDelete