Wednesday, October 9, 2013

නුඹත් ඇයත්


එසඳ සිහිනයන් විය
නුඹත් සිටි
මාත් සිටි
මහ කලක් ගතවුනා
නුඹත් උනි
මාද හුනි
දැනුදු සිහිනයන් වේ
නුඹත් නැති
මාත් නැති
සීනයේ තැන් වේය
නුඹ නොමැති
මාම ඇති

යථා ලෝ පොළෝ මත
ඈද ඇත 
මාද ඇත
ගැබ්බරිත සිහිනවල
ඈ සිටිත
මාද ඇත
ඇය මෙමට හිමි බවද
ඈද දත්
මාද දත්
මා ඇයට අහිමි බව
ඈ නොදත්
මා පමණක්ම දත්


No comments:

Post a Comment

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...