වෙලාවකට දිගවැඩියි ජීවිතය
මහන්සියි හිතින් හති ඇරලාමනොකියාම නොහිතාම ඇවිදීම
නැවතීම තමයි හරි බුදුවීම
කවුලුවක් නැති ටැමක තනිවීම
පතුල් නැති සයුරු තෙර කිමිදීම
මං මැකුනු වන පෙතක
සෙල් කවක් වාගේම
නොකියවී ඇස් දුරින් වැලලීම හිම්වීම
අඳුර වෙත විහිදෙන
වැහි මේ කුළුය තැන තැන
ඉඳහිට මගක වැලපෙන
පහන් කණු කේඬෑරි සුසුමින
විසල් අහසකි පරිමිත
කඩා හැලෙනට නියමිත
රාත්‍රිනියේ නපුරු බැල්මෙන්
අන්තිමම එළි බිඳත් සඟවන
මමම විතරක් මොකටද
නුඹෙන් එලි ලද ලොවකට
මතක ශේෂය සූර සූරා
රැගෙන ගුලි වෙමි අඳුරු විජිතෙක