Sunday, February 7, 2021

අඳුර වෙත විහිදෙන

වැහි මේ කුළුය තැන තැන

ඉඳහිට මගක වැලපෙන

පහන් කණු කේඬෑරි සුසුමින


විසල් අහසකි පරිමිත

කඩා හැලෙනට නියමිත

රාත්‍රිනියේ නපුරු බැල්මෙන්

අන්තිමම එළි බිඳත් සඟවන


මමම විතරක් මොකටද

නුඹෙන් එලි ලද ලොවකට

මතක ශේෂය සූර සූරා

රැගෙන ගුලි වෙමි අඳුරු විජිතෙක

No comments:

Post a Comment

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...