මා ඉන්න තැන අඳුරුය
ඔබට ඒ ගැන නොදැනීම සොඳුරුයනුඹද ඉන්නේ අඳුරක විය යුතුය
ඒත් මේ අඳුර ඉතාම අඳුරුය
මාව නොපෙනේ මට
පාර නොපෙනේ මට
නුඹව නොපෙනේ මට
නුඹවත් උන්නා නම් සොඳුරිය
පැතූ සියල්ල
සිතූ සියල්ල දියවී වැගිරෙන මේ මොහොතේ
සියලු දේ අඳුරුය
මේ මරණයද විය හැක
කිසිත් නොපෙනෙන
කිසිත් නොහැගෙන
නුඹත් නොම එන
මීට වැඩි රුදු තවත් නම්
යම් මරණයක් වෙද
No comments:
Post a Comment
නොතිත් සිතඹර අරා...