Saturday, June 4, 2011

සිහින රඟමඩලේ



ගිලී ගොම්මන නුහුරු නිම්නය අඳුරු සළු පිලි පොරවලා
නැගී පතුලෙන් එබී පඩි නැග සමනලුන් යති පියඹලා
උනයි මිහිදුම,තුරග සෙවනැලි අඳී පොලවේ රූ රටා
උනා හීතල වලේ ගැට්ටේ වකුටු වී ඉමි දුර බලා

ඈත කොන හිඳ ආල සිත්තම් අඳින යුවලකි හිතුමතේ
අඳුරු තිර පට මෑත් කර හිත එබෙයි උන් වෙත හිතුමතේ
අසුරු සැන සඳ,"පවුරු" පැනවිත් නේක අබරණ යුතු ගතේ
කුමරි මනමේ වලේ පතුලේ තනිව රඟ දී හිනැහෙතේ

පය එතුනු පෑ මිණි සලඹ නද මා සවන් ඇලලූ ලෙසේ
ඈ තබන අඩි එකක් ගානේ හිතේ ලූ පෙම දුල ලෙසේ
ලාලසා වැසි නෙරිය හැංගූ හවඩි පොට විසිවිය මෙසේ
මා දෙපා අස හඬ නගා නිසසල උනා ඇගේ වත ලෙසේ

ලවන් නොම තෙපලූ නමුත් එය ගෙන දියන් බස ඇස් කොනේ
හැඩ නැතද පෙම අගමිණයි කිරුලේ,දරා මනමේ මෙනේ
දෝත ගෙන හවඩිය රිදී ඈ පලඳවන්නට පිය මැනේ
ඈ නොවේ මා වෙත බලා තුති කැන් සිනා පිදුවේ අනේ

ඈ නුවන් වෙනතක තැවෙයි මෙන සෙවූ කිම ඔහු පමා
ඈ දෙපා මුල ගිලිහි සිත් මල නුවුමනා ලෙස හැර දමා
වැදි රජෙක් තව ආ නොආ බව නොපිලිවිස හඬ ගා මෙමා
තව නොඉඳ මා ගෙල සිඳින් මේ කඩු තුඩග සැපයකි අමා

මියෙනු පලමුව හීන නලුවෙන් අවදි විමි මොරගා මෙමා
මුමුණ මුමුනා යුවල පඩි නැග වලට සමුදී පා නගා
ඈ මැදුර පහනින් එකින් එක එලි නැගෙන සඳ රැය මකා
දිනක මතුයේ අඳුරු වල මැද මියෙන මනමේ විය මෙමා 






2 comments:

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...