නිසතු යුගයක
කෙවෙනි අයිනේ
නමට නුඹගේ
කඳුළු තිබුණත්
කඳුළ දෙපදෙක
රුවා රහසින
විලි දැරූමුත්
නොදිටි නුඹ නෙත්
මතක මාවත
ඉවුරු අයිනේ
නුඹට අවසඟ
වීය හද තත්
එවෙණ සොම්නස්
සෙනෙන් අදරින
වයන පන්සිළු
කුමරි අබිසෙස්
ළමැද සයනේ
නිදන සුවසේ
නුඹට අනිමිස
පුදමි මේ ලෙස්
ජීවිතය වී
දෝත් මලසුන
පිපුණ ආදර
කුසුම නිකෙලෙස්
ලස්සන කවි පද ටික !!!!!
ReplyDeletenice.like sigiri kurutu gee.
ReplyDeleteකවිය සිරා මචං.අනේ බං ෆන් ලව් ගැනත් ලියපංකො.කඳුළෙන් තොර ප්‍රේමයක් යන මැයෙන් කවියක් පබදින්න නොහැකිද??
ReplyDeleteඕකෙ කොතනද කඳුලක් තියෙන්නේ...?හැමතැනම පුරාජේරුවනෙ තියෙන්නෙ.වෙලාවක දාන්නන්කෝ එහෙම එකකුත්
ReplyDeleteමම ආඛ්‍යානයට කැමතියි:)
ReplyDeleteඅපූරුයි!
ReplyDelete