|
කපිතාන් මැක්ග්ලෑෂන්ගේ සොහොන් ඵලකය |
ඔහු නමින් කපිතාන් ජේම්ස් එඩ්වර්ඩ් මැක්ග්ලෑෂන්.වෝටලූ සටනෙදි වගේම බසාකෝ,ඇල්බියුරා වගෙ සටන්වලදි රැජිනගෙ 19වැනි රෙජිමේන්තුව වෙනුවෙන් සටන් වැදුනු සම්මානලාභී රණ ශූරයෙක්.දරුණු සතුරු බලමුලු මැද්දෙ ජීවිතේ බේරගෙන යුධ වැදුනු බ්‍රිතාන්‍ය සෙන්පතියෙක්.1817දි 1වෙනි සිලෝන් රෙජිමේන්තුවට අනුයුක්ත වෙන කපිතාන් ජේම්ස් ටිකක් මුරණ්ඩු හිතුවක්කාරය.තමන්ගෙ සගයො එපා කියල දහ අතේ අනතුරු අඟවද්දි කපිතාන් ත්‍රිකුණාමලේ ඉඳන් නුවරට පයින්ම එන්න පිටත් වෙනව.එන ගමන හරිම දුෂ්කරයි.විශේෂයෙන්ම ඝර්ම කලාපයෙ ඔරොත්තු නොදෙන ආර්ද්‍රතාවයි රස්නෙයි දරාගෙන වගුරු දියකඩිති වදුලු මැදින් මේ එන ගමන කොහොමහරි නුවරට ඇවිත්ම තමයි ඉවර වෙන්නෙ.මෙ සිදුවීම් සිද්ධ වෙන්නෙ නොවැම්බර් මාසෙ අග හරියෙදි. ඇවිත් ටික දවසකින් කපිතාන් දරුණු උණකට ගොදුරු වෙනව.කොච්චර වීරය උනත් මේ උණට නං කපිතාන් තමන්ගෙ ජීවිතෙන්ම පරාද වෙනව.ඒ හරියටම දෙසැම්බර් 2වැනිද.
ඔයාල ඒ ඇහුවෙ යටත් විජිත කාලෙ අපේ රට පාලනය කරපු හුඟාක් බ්‍රිතාන්‍ය සෙබලු අත්විඳපු මරණයෙ එක් උදාහරණයක්.අපේ සෙබලුන්ගෙ කඩුවට වඩා සුදු ජීවිත බිලිගන්න සමත් උනා ඒ කාලෙ හිටපු මදුරුවො.මේ අපේ ඉතිහාසයෙම අපි බොහොම හැල හැප්පිලි,කැරලි කෝලාහල මැද ජීවත් උන කාලයක්.නමුත් ඉතිහාසය කියන කාරණාවෙදි අපිට අමිහිරි මතක එක් කලත් මේ සමය ලංකාවෙ අනාගතය වෙනස් කරන්න සමත් උනු තීරක කාල පරිච්ඡේදයක්.මම කියපු කතාවෙ කපිතාන්ගෙ සොහොන් ඵලකය තමා කතාව මුලදිම ඔබ දක්කෙ.මේක අපි නිතර දෙවේලෙ යන තැනක් ලඟ තිබ්බත් හුඟක් දෙනා මේක දැකල නැතුව ඇති.අපිට කපිතාන් මැක්ග්ලෑෂන් විතරක් නෙවෙයි මේ වගෙ කතා සියගණනක අයිතිකාරයො හම්බෙන්න පුලුවන් ගැරිසන් සුසානයෙදි.
|
ගැරිසන් සොහොන |
ගැරිසන් සොහොන තියෙන්නෙ දළදා මාලිගාව පිටිපස්සෙ.දිගන දිහාවට යන පාරෙ මාලිගාව පිටිපස්සෙ වංගුව ලගින් වම් පැත්තට විහිදෙන පොඩි පාරෙ තමා මේ තැන තියෙන්නෙ.1820-1870 අතර කාලෙ මිහිදන් උන බ්‍රිතාන්‍ය ජාතිකයින් 190ත් 200ත් අතර දෙනෙක්ගෙ කතා මෙතන වැලලිල තියෙනව.ඒ අතර කවුරුත් නිතර අහල තියෙන ජෝන් ඩොයිලි,ග්‍රෙගරි ආණ්ඩුකාරයගෙ බිරිඳ එලිසබත් වගෙම පුංචි අතදරුවො පවා ඉන්නව.
|
ජෝන් ඩොයිලිගෙ සොහොන
|
|
ග්‍රෙගරි ආණ්ඩුකාර බිරිඳගෙ සොහොන |
මෙතනට ගියාම අපිට හම්බෙනව මෙතන භාරකාරය.ඔහු නමින් චාල්ස් කාමයිකල්.ඔහු මේ සුසානය බොහොම පිලිවෙලට පවත්වගෙන යනව.මෙතනට යන ඕනෙම කෙනෙක්ට මෙහෙ තියෙන හැම ඵලකයකම හැංගිල තියෙන කතාව බොහොම රසාලිප්තව ඉංග්‍රීසියෙන් කියල දෙන්න කාමයිකල් උන්නැහේ සමත්.ඉඳල හිටල ගැරිසන් සොහොනට එන සංචාරකයන්ට අමතක නොවෙන කතාරසයක් දනවන්න,එක් කරන්න පුලුවන් පුද්ගලයෙක් ඔහු.සොහොනට අමතරව ඒ ලඟම පොඩි කටුගෙයකුත් තියෙනව.කාලයක් වල්බිහිවෙල තිබ්බ මේ තැන පහුගිය කාලෙක සිද්ධ උන චාල්ස් කුමාරයගෙ ලංකා ගමනට සමගාමීව හෙලිපෙහෙලි කෙරිල තියෙනව.ඉතින් මම මීට වඩා මේ තැන ගැන කියන්න යන්නෙ නෑ මොකද ඊට වඩා ලේසියි ඔයගොල්ලො හැමෝටම මාලිගාවට ආපු වෙලාවක පැය භාගයක් විතර වෙන් කරගෙන මෙතනට එන එක.
|
කතාව කියල දෙන කාමයිකල් උන්නැහේ
|
|
කෞතුකාගාරෙ ඇතුලත |
මේ වෙලාවෙ මාව මේ තැනට එක්කං ගියපු එහා ගෙදර වින්සි අන්කල්ව මතක් නොකරම බැහැ.ඉතින් පුලුවන් වෙලාවක නුවර ගියාම ගැරිසන් සොහොනට යන්න.එතන ඉන්න හුඟක් දෙනා බලන් ඉන්නෙ "නොදන්න රටක තනිවුනු තමන්ගෙ දුක්බර කතාව" කියන්න.ඒක මෙතෙක් නොලබපු වෙනස්ම අත්දැකීමක් වෙනවට කිසිම සැකයක් නැහැ.
අද තමයි මේ ස්ථානය ගැන මුල් වතාවට දැනගත්තේ... අකූට බොහොම පින්!
ReplyDeleteවටිනා ලිපියක්.මමත් මහනුවර අවට කෙනෙක් උනත් කවදාවත් ඔය තැනට ගිහිල්ල නැහැ.එත් මහනුවර අනිවත්ත පැත්තේ තිබෙන දෙවන ලෝක යුධයේදී මියගිය සෙබළුන්ගේ සොහොන් බිමට නම් මම ගිහින් තියෙනවා.එතනත් බොහොම ලස්සන වගේම මළවුන්ට ඔබින සාමකාමී පරිසරයක් තියෙනවා.
ReplyDeleteඅවුරුදු 20 කටත් වඩා නුවර ජීවත් වුණාට මේ ගැන දැනගත්තේ අදනේ :)
ReplyDeleteඑල එල ඔය තියෙන්නෙ මහා සංචාරෙ වගේ.මුලින්ම කනත්තකින් පටංගත්ත එක තමා අවුල......හිහ් හිහ්
ReplyDelete