(පුවතක්:-සටන් විරාම සමයේ ආරක්ෂක වලල්ල හරහා තම පෙම්වතිය හමුවූ සෙබලා අත් අඩංගුවට )
♂-ඔයා මට ආදරේද...?
♀-හ්ම්ම්...
♂-හරි
වැරදිලාහරි අපි
දවාලෙ හම්බුනොත් ඇටෑක් එකකදි
ඔයා මට වෙඩි තියනවද?
♀-නැතුව...
♂-හෙහ්
ආදරේට වෙන්නැති එහෙනං
වෙඩි තියන්නෙ...
♀-ඔව්..
හැබැයි නිජභූමියට
♂-බම්බු නිජභූමිය..
මං යනව යන්න
♀-හෙට රෑටත් එනව නේද...?
♂-හ්ම්ම්.....
දවල්ට ඔයයි මායි හම්බ නූනොත්
කියන්න වචන නෑ....
ReplyDeleteවෙනස් විදිහට ලෝකය දකින්න ලස්සන කවි පෙලක් :)
ReplyDeleteමට හිතෙන්නේ කෙල්ල ත්‍රස්තවාදීන්ගේ පැත්තේ කෙනෙක්. කොල්ලා හමුදාවේ. ඔහොම ලව් සීන් එකක් තමා යන්නේ. මම හරිද අකූ ???
ReplyDeleteමාරම මාරයි.......!!
ReplyDeleteදේශප්‍රේමය>ප්‍රේමය ?
ReplyDeleteමේක දන්න විදිහට නං ඇත්තටම වෙච්ච දෙයක්.ඇත්තටම කොල්ල අහු උනා.ඇයි එහෙම උනේ කියල හිතන්න ඔයාලගෙ හිත්වලට බාරයි.මධුරංග හරි :)
ReplyDeleteදිනුක...දේශප්‍රේමෙ ලොකු උනා නං ඔහොම එකක් වෙන්න පුලුවන්ද .බොහොම මිලිටරීකෘත ඇහැකට නං උත්තරයක් පෙනේවි :)
සිංහල සිංදු කියන
ReplyDeleteනළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට අවාදෝ ඉගිල්ලී.....!