කරත්තය හිස්ය
ඒත් තල්ලුව මදිය
ඉර තාම නිදිය
නුඹට ඒ සැප නැතිය
කලුවර තාම හෙවනයි
ඒත් කපුටෝ නැගිටියි
වසුරු බර සලතෙයි
බේරි බේරී යා යුතුම වෙයි
හෙට්ටු ගාණට පැකිලී
පිටකොටුවෙ පොල් මුදලී
වෙන්ඩ පෙර පොල් තැඹිලී
අනේ වලු වලු අඳුරෙ බැබලී
එන ගමන දුකකී
මරදාන මහමෙරකී
බැරියරය දුරකී
උන් උදවු තෙක් යාම යෙහෙකී
අවිය හල අතිනී
උදවු කාසිය තැඹිලී
දී යලිඳු හැරුනී
තාම ඉර අඳ බැවිනී
කිංසි පාරේ මගදී
යනෙන ඔබ බොන තැඹිලී
රහ යහට නොමැතී
කරුණු මෙකඳුලු නොවිය නොහැකී
හ්ම්ම්.. හිතට පොඩි අමුත්තක් දැනුණා.. අපි යම් දෙයක් ගැන නොහිතන ඇතුල් පැත්තකුත් තියෙනවා. මේ දර්ශනයම මම දැකල තිබුණත් මම නොහිතපු පැත්තක් ඔයා හිතලා තියෙනවා. ලස්සනයි නිසඳැස. ඒ වගේම සංවේදීයි
ReplyDeleteමාත් දවසක් කොළඹ යද්දි ඔය කෙනෙක් දැකලා මාරම දුකක් දැනුනා. පව් ඒ මිනිස්සු ජීවත් වෙන්න මාරම දුකක් විඳිනවා !!!!
ReplyDeleteහරිම වෙනස් අපුරු අදහසක්..
ReplyDelete//කිංසි පාරේ මගදී
ReplyDeleteයනෙන ඔබ බොන තැඹිලී
රහ යහට නොමැතී
කරුණු මෙකඳුලු නොවිය නොහැකී//
හිතාගන්න බැහැ මොනවා කියන්නද කියලා.
සුපිරි...!
අපිත් ඉතින් සතියට දෙපාරක් විතර කොලබ යන නිසා මාත් ඔය වගේ අය නිතර දකිනවා...දුක් විදින මිනිස්සු බලන්න නම් ඉතින් කොලබ ම යන්න ඕන(පිටින් පේන සුරන්ගනා ලෝකයට නෙමේ)
ReplyDeleteසුපිරි...!
ReplyDelete