නොගලා එක තැන ලතැවෙන ගංගා කළණී
එගං දිගේ සළු හොවමින ඈ මුමුණන්නී
රෙදි වැල් සිතිජයට එහා ඉර සැඟවෙන්නී
නුබ කුස පඬු පෑ උරමින වියපත්වන්නී
කැළණිතිස්ස වාගෙම හිත ගිනි හංගන්නී
ගිනි මැඩ දුම්ගුලි සුසුමින් වළා තනන්නී
අන් සෙළුවට සුදු පිරුවට නම්බු පුදන්නී
පවු හෝදා දිය කලතා තවම පෙඟෙන්නී
ම්ම්ම්... අපූරුයි..
ReplyDeleteවෙනස් සිතුවිල්ලක්..ඔයාගේ අදහස් ගැඹුරුයි.. වෙනස්.. අර්ථවත්..
ජය වේවා..
හරිම අපූරුයි!
ReplyDeleteකලාත්මකයි... ඒ වගේම හිතට දැනෙනවා....
ReplyDelete