Sunday, August 19, 2012

උහු ප්‍රතාපවත්ය



වයර පරිපථ කබා ඇඟලා
හෙණ්ඩු කැලලිද වැසෙනා
ජංගම තොරණ් රජිඳා
සන්නිපාත දන මැදිනා
තෙදවත්ව පා තබනා

විලංගුව සිහි ලිහුනා
දිගු අඩිම පා තියනා
එකෙණෙහිම පා සිරවී
ප්‍රතාපවත් කෙටි අඩිම තැබෙනා

තිරස් බඩ සිවු පයට නොහෙනා
බුදුරැස් පිටෙන් විදුනා
ධාතු පිට නැගි පවින් හෙවුනා
සංවරව පා නැගුනා

තුන් සීලයට ඔබිනා
ගජනා නුඹේ කයිනා
හිත උනන සුසුමා
සහස් බැති නෙත් එබැව් නොම දකිනා

බුදු මග නොයන උනටා
බුදුරැස් හිසට ඕනා
පසඳමින සව් අෂ්ට ලෝ දම්
එරැස් අඳිනට තැවෙමින 
රැයේ කෙටි අඩි තබනා



3 comments:

  1. ඔන්න කාලෙකින් එක පාරක් කියවලා අදහස තේරුණ කවියක් උඹේ.ඇත්ත නේන්නං මචං කවුරුත් අලියගේ දුක බලන්නෑනෙ.කරඬුවනේ බලන්නේ.

    ReplyDelete
  2. නොදකින පැත්තක් අපි හැමෝම ...

    ReplyDelete
  3. හරිම අපුරුයි මිතුර :)

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...