Monday, August 20, 2012
මිනිස්සු
මාර ගස් පතර පැතිරී
හැඳෑ අව් රැළී...
තෙමාලනු රිසින නෙක හිස්
කරයි විමසිලී...
පියාලූ වෙහෙසැති තටුබරින
මුදාලූ සරතැස් වසුරින
සක්මන් මළුවේ රටා වියන
කපුටනී බලාපව් පහල
වළාකුළු බැම්මේ වාරු පිට දී
පොරි කරත්තේ පිස හමායන
නල අඹාලන රූම් පෙතිවල
හීන ඔතරම්ම හෙමිහෙමිහිට
කැරකෙන සන්සුන් විලාසෙට
බවුන් වැඩෙනවාද නුඹට
මරාලමින කල්
සෝ දුම්ගුලි මුදමින
අතටම පිච්චෙන දුම්වැටි කොටයටත්
දුකම හිතිලා
ඇහැරෙව්වාය හැඳෑ හීනෙන්
දැවී හළුවෙන ජීවිතේ
ගසාලාලයි වළා බැමි පුවරුවේ
සිපියි දිවි සුණු
නුවර වෑ තල
පොරිය හිතමින
දේය් බැට උන
"කොරළිනේ...
අතෑරල ඔය දුක
හොයාපිය නට නටා
තුටැති මිනිසත් කඳුලු
උරනු වෑ දියෙන්
හස් තුඩු මුවින ..."
සුමට වන්නට
ජීවන රේඛාවක් තියා
වම් අල්ලක්වත්
නොමැති ඔහු.....
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි..හැමදාම වගේ අමුතු රසයක්..
ReplyDeleteහැංගිච්ච අරුතක්
උඹ ආයෙත් නුවර ගියාද?
ReplyDeleteනියමයි
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteඅනේ මන්ද ..වැඩක් නැහැ මේක නම්.....ඒ තරම් අපූරුයි!
ReplyDeleteහැබෑවටම අරුත්බරයි... රුව,පද දෙකම... වෙනදා වගේම...
ReplyDelete