බොළඳ චිත්‍රපටියක ඉස්සර
රඟපාපු නලු තෙමේ හවසකකොතෙක් හාදු තිබුනාද උණුසුම්
දෙබස් අමතක මිහිරි මතකෙක
ඊට මහ කාලෙකින් පස්සට
සීතලෙන් ගල් ගැහුණු කොපුලින
එකම ගංතෙර අසබඩ
තවම චරිතය හොය හොයා යත
පින්තාරුව වී මා හදෙහී සේයා
ඒ රැය දුර නිසා
අඳුර වෙත විහිදෙන
වැහි මේ කුළුය තැන තැන
ඉඳහිට මගක වැලපෙන
පහන් කණු කේඬෑරි සුසුමින
විසල් අහසකි පරිමිත
කඩා හැලෙනට නියමිත
රාත්‍රිනියේ නපුරු බැල්මෙන්
අන්තිමම එළි බිඳත් සඟවන
මමම විතරක් මොකටද
නුඹෙන් එලි ලද ලොවකට
මතක ශේෂය සූර සූරා
රැගෙන ගුලි වෙමි අඳුරු විජිතෙක