වැසි තදින් ඇද වැටෙන
ඇතැම් රාත්රීන්හීඑන්නීය
ඈ...
බිඳකුදුත් නොතෙමීම
යතුරුලෑ දොර පියන්
නොහඬවා නොරිදවා
සයනයට පිටුපාන
හිඳගනී අසුරකට....
හදබිතෙහි හිස් තැනක
නොපැවතුනු ඇසුරකට
ආ පයින් යන්නීය
ඉස්සරම වාගේ
නැති සෙයින්
හිස් තැනක වගක්වත්....
හද ගැහෙන බවක්වත්...
වැසි තදින් ඇද වැටෙන
ඇතැම් රාත්රීන්හීඉපිලෙනා හිත උණුහුමයි තව
ඔබේ සුසුවඳ දොලොස් මහ පහනයිමා ඉන්න තැන අඳුරුය
ඔබට ඒ ගැන නොදැනීම සොඳුරුය