Monday, February 4, 2013

මහල්ලෙක් විය හැක



නැලවෙන පාලමෙහි යට
කල්පනාවෙනි මහවැලිය තව
ඈ නෙලූ මල් ගෙන ගිය
වීසි කළ ගල් තුරුලෙ රැකගෙන

ඉස්සර වගේ දවසක
ගංදිය දෙබෑ කරගෙන
අත්ලේ මතක වජ්‍රය
හොවා ගත් කිඳුරියක එනතුරු
තැවෙන වියපත් නෙතකි අනිමිස






Tuesday, January 1, 2013

මලක්

















මලක් නටුවෙන් හැරී
මලසුන'ග බවුනෙහි ගැලී
එතිර සිත නොම දැනී
තවම බිඟු සකි බමයි සැරහී




Wednesday, December 19, 2012

අහස සඳ හා තරුව


අහස රෑ අඳුරේ
සඳ පුරා දුලලන සේ
එලි සිහිල යස සේ
නුඹ විදින අද දවසේ

සඳට පෙර පිපුනූ
නුඹ අහස් සිත ඇඳුනූ
රහස් පෙම් මිමිනූ
නිවි නිවී යලි දිලුනූ

හස සඳ වැළඳ
උන් අයුරු දැක මහද
තරු පැතුම් නොම පැරද
ඉමි අහස් කොන උවද

අහස් ලඳ කොමලී
සඳ උවද නෙත නොගැලී
අමාවක දවසක්
නේ යැයි සිතනු බොලඳී

නුඹ දකීදැයි නොදනී
තරු එදාටත් තිබෙතී
සඳ තරම් එලි නැතිදූ
තරු සදාකල් පවතී


Friday, December 14, 2012

ත්‍රිමා













ඉදින් නුඹ ගිය මග
ඇවිරුණා උස තණපත්
යා නොහෙන තරමට
මග අතිර වන විලසට

නැවී ගිය තෘණපත්
හිස යොමන අයුරට
තිබිය යුතු ඒ මග තව
කියා ඔවදන් දෙන මෙනි

සොහෝයුර ඉනු මැන
අපේ සෙවනැලි ඉද්දර
නුඹ පියෙන් ඉපැදුනු
පියුම් පිට අප රැගෙන යන්නට




Thursday, December 13, 2012

අතරමඟදි



පෙර දොඩමලු උන කොරිඩෝ පෙත්වල
ඉඳහිට අප මුණ ගැහෙනු ඇතී
ඈතින් දුටුවන දෑස බිමට බර
නුඹ මා පසුකර ඇදෙනු ඇතී
අපේ ලෝකවල අපි රජ උන මුත්
ඒ මොහොතේ හිත් එකට හැපී
මතකයෙ ගිනිගල් එකිනෙක ඇතිලී
සිහින පුපුරු ගිනි නැගෙනු ඇතී





Monday, November 19, 2012

සදිසි



සිදු සදිසි
නුබ සදිසි
පර්යාය පද කුමට...

නුඹ සදිසි
සෙනෙහසක්
තිබියදී මගෙ ලොවට...



Saturday, November 3, 2012





අප කී දේද කල දේද
සිතා උන් හැමදේද
අකුරක් නෑර ලියවෙන
පොතක් තිබෙනා යැයි
නොදැන මෙපමණ කලක් උන්නෙද

ඒ ලොග් පොත තියෙන
තෙත ගල් ගුහාවට
අද මට 
යන්න ලැබුනා අහම්බෙන් මෙන

අසල්වැසි ජීවිත කතාවල
අමුතු තැන් මගෙ වගෙම තිබුනා
දවස ගෙවුනා අඳුර වැටුනා
ගොම්මනේ අන්තිම එළිය බිඳ
උදව්වෙන් මගෙ පිටුව මැකුවා

හ හා හිතුවද ඔබත් යන්නට
මගේ අඩි සලකුණුත් මැකුවා 





Friday, November 2, 2012

මායා මැතිනිය


මායා මැතිනියෙනි
බොන්සායි කල මැන
මාවත්
මේ කඳු අතර
හැමදාමත් වහින
දිය ගලන
දෙණි අතර
කාලය දියව
සමබිමේ ගලන අපූරුව
පිල්ලමකුදු නොහෙලා
බලා හිඳින්නට



පිටපත මගෙ නොවේ



බලා ඉන්නට නැතිමුත්
ප්‍රේක්ෂක කැළතක්
නොනැවතී රඟමි මම්
වළාකුළුවලටත් ඉහලින්
ගැලරියේ පුටු
හිස් නැතය අනුමානයෙන්





Saturday, October 20, 2012

කොළඹ අහසට

















සාපදී ඇතිමුත්
අතොරක් නැතිව
දුෂ්ටිය යැයි
පලමු මහලේ සිට

දුටිමි නුඹත්
පැලඳ උන් කඳු මිණි මෙවුළ
සත්වැනි මහලට
පිළිපන් සඳ

අපරිමිත නුඹ
බෙදා වෙන්කල
මෝහයට තව
සාප දුනි මම



Related Posts Plugin for WordPress, Blogger...