හන්තානට යන පාරේ
දන දෙපසට ගලන ගඟේ
ඉවුරු පොලේ දෙහි විකුනන
ඈ අත්තම්මා....
බෝගම්බර උලු පියස්සෙ
පවු හෝදපු වතුර ගලන
කානු ගැට්ටෙ ඇන තියාන
දෙහි විකුනන
ඈ අත්තම්මා....
දන රල රැලි තරඟ මතින
රාබු,කසට,මුගුනුවැන්න
ලේ පාටට නහර පිපුනු
රහදිවටත් මහන්සි නැති
ඇරී අගුලු වැටුනු මුවින
දෙහි විකුනන
ඈ අත්තම්මා...
දෙහි ගෙඩි හත අටක උසින
දාගැබ පාමුල
නිවන නිවුනු නෙතින යදින
ඈ අත්තම්මා....
දුකට දිරා වැහැරී ගිය
උරපතු ඇට,ඇකිලුනු හම
වියලී ඉරිතැලුනු පපුව
අරුත කුමන තිසරු පටින
ඇහැට නේන පේන මානෙ
බෝගම්බර පිට්ටනි මැද
බීර ඔඩම්,සාද තෙපුල්
ඔල්වරසන්
පරදයි මැද දුල මරු සෙන්
අත නාරින පන්දු කෙලිය
හැඩයක් නැති
දවසක ඈ ඇස දුටහොත්
අහන්න දෙහි ගෙඩියක මිල
කෙවෙනි තුලම කිමිදුනු නෙත්
හන්තාන අහස දෙසට හැරී
"මුලු ගොඩටම විස්සක් ඇති"
සත්තකි ඈ කියන කියුම
මරඟන රඟ හැඩතල මැද
විරිය පාරමිතා පුරන
බුදු මව වී හන්තානට
ගොලු තෙපුලින් නොව නෙතගින්
බණ පදයක් දා කවියක්
දෙසාපන් මට....
nice aku..
ReplyDeleteTouching !
ReplyDeleteලස්සන අදහසක් අයියේ. බ්ලොග් එකට සුබ පැතුම්...
ReplyDeleteකියන්න වචන නැහැ සහෝ. ඉහළයි. දිගටම ලියන්න ජය.
ReplyDelete