Friday, May 27, 2011

මකුලු අම්මා


ලිං පඩිය මත සෙමින
බුබුලුලන පැස කුසින
ලිහී පොව්වන දුවයි
වියැලි පෙඳ කැටි උඩින...

පස් පයෙන සමබරින
ලුහුටනා සිහි සරින
දිය කුණාටුව මැදින
රුවල් බර නූ ලෙසින
ඈ නැවයි.....
දිවි තොට සොයන

නැති තෙපය සක දෙමින
අමිල ඉතිරුන සිහින
දියත මත වැර හිතින
දරු පෙමැති ගැල අදින
හැම මවක හද හුයයි
ලෝ තනුව පන පොවන...

පැසට ගෙන මේ පුතුත්
නලවපන් පස් පයෙන...

2 comments:

  1. ආබාධිත මකුළු මවක් හමු වෙලා වගෙයි. හැම අම්මාකෙනෙක්ම වගේ දරුවන්ගෙ බර අදිනවා ඇයත්.

    ReplyDelete
  2. kakulak nathi unath amma,amma kenekma thamai.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...