හිතේ ගින්දරටම පිච්චිච්ච
රොටි ගුලිය කපුටු කටවල ඔබල
උන්ගෙ බෑඟිරිය නවත්තන එක
සන්තෝසයක් නං....
කොන්ඩගලින් පාත් වෙන
තුහින දුම් බානෙ
පැය අටේම දල්ලෙ බෙල්ල මිරිකන එක
සන්තෝසයක් නං....
රාත්තිරි කරුවලේ
මිනිහගෙ ඇඟටම යටවෙලා
පුංචිම එකාගෙ කිරි උගුරත් අහක යන එක
සන්තෝසයක් නං....
මහත්තයෝ...
ඔය පොටෝ කෑල්ලට
ඔයිට වඩා ලස්සනට
හිනා වෙන්න තිබ්බ
උඹ හිතන විදිය ලස්සනයි මල්ලි....!!!!
ReplyDeleteඔව් ඇත්ත;ඇත්තම ඇත්ත.කියන්න වචන නෑ යාඵ!ලස්සනයි
ReplyDeleteඋපරිමයි!!!!!
කතා නොකරන ඇයගෙ හිත එළියට ඇද දැමුවා වගෙයි. ලස්සනට පෙළ ගැහුණු පදවැලක්.
ReplyDeleteඑකම එක වචනයයි කියන්න තියෙන්නේ....
ReplyDeleteසුපිරි.....