Friday, May 20, 2011

හිනා වෙන්න තිබ්බ





හිතේ ගින්දරටම පිච්චිච්ච
රොටි ගුලිය කපුටු කටවල ඔබල
උන්ගෙ බෑඟිරිය නවත්තන එක
සන්තෝසයක් නං....

කොන්ඩගලින් පාත් වෙන
තුහින දුම් බානෙ
පැය අටේම දල්ලෙ බෙල්ල මිරිකන එක
සන්තෝසයක් නං....

රාත්තිරි කරුවලේ
මිනිහගෙ ඇඟටම යටවෙලා
පුංචිම එකාගෙ කිරි උගුරත් අහක යන එක
සන්තෝසයක් නං....

මහත්තයෝ...
ඔය පොටෝ කෑල්ලට
ඔයිට වඩා ලස්සනට
හිනා වෙන්න තිබ්බ

4 comments:

  1. උඹ හිතන විදිය ලස්සනයි මල්ලි....!!!!

    ReplyDelete
  2. ඔව් ඇත්ත;ඇත්තම ඇත්ත.කියන්න වචන නෑ යාඵ!ලස්සනයි
    උපරිමයි!!!!!

    ReplyDelete
  3. කතා නොකරන ඇයගෙ හිත එළියට ඇද දැමුවා වගෙයි. ලස්සනට පෙළ ගැහුණු පදවැලක්.

    ReplyDelete
  4. එකම එක වචනයයි කියන්න තියෙන්නේ....

    සුපිරි.....

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...