Sunday, July 3, 2011

සැරසිලි


ජය සිකුරු යද්දී උඩහට
දාල දුවපු "දෙමල ෆ්‍රිජ්"වල
එකතු කරපු කොයිල් කම්බි
හැඩට ඔතල දඟර දාපු
හරි ලස්සන මල් පෝච්චි පොඩිත්ත
තාමත් එල්ලෙනව සාලෙ මැද්දෙ
නිවාඩුවකට ආ වෙලාවක
අප්පච්චි එල්ලපු විදියටම

7 comments:

  1. ලස්සන අදහසක්. දෙමල ෆ්‍රිජ් කියලා කිව්වේ දෙමල අය ලඟ තිබ්බ ඒවට වෙන්ටෑ. :)

    ReplyDelete
  2. යුද්දෙං අහුලගත්තුවා තාමත් ප්‍රදර්ශනය කර කර ආතල් ගන්න එක රාජ්‍ය මට්ටමෙන්නොවැ වෙන්නෙ.ඉතිං මොකදෑ කොරන්නෙ..?

    ReplyDelete
  3. appachchi niwadu gihin aye awe na ehenam...

    ReplyDelete
  4. ඔබ බපාඩි කවියකින් ලොකු දේශපාලන සමාජ විවරණයක් කරනවා..!!

    ReplyDelete
  5. ඔබ පොඩි කවියකින් ලොකු දේශපාලන සමාජ විවරණයක් කරනවා..!!

    ReplyDelete
  6. කුණු වල කුණු වල කියලා
    දැන් ඒකම ඉහගෙන කනවා
    අපි මොනවා කරන්නද
    බලන් ඉන්නවා මිස ?

    කබරගොයිත් තලගොයි කියලා
    ඇදගෙන කනවා නානවා
    අපි මොනවා කරන්නද
    බලන් ඉන්නවා මිස ?

    ReplyDelete
  7. මටත් කියන්න තියෙන්නේ " දිනුක ජයකොඩි " මහත්මයා කියපු දෙම තමයි . . . . .

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...