Friday, August 5, 2011

රුපියල් දෙක


ආනේ මයෙ පුතේ
උඹමද මංද හිටියෙ
පෙරෙයිදා
දොලහෙ කණුවට ගත්තු ටිකට් එකේ
රුපියල් දෙකක්
අඩු උනා නෙව බාං

ආපෝ ආතම්මෙ
තියාගනින් උඹෙ දෙක ඕං
දෙකට පහක්ම මේං

මා පුතේ
මේ මොකෑ
මං නෙව දෙක දෙන්න තිබ්බෙ
උඹෙන් මොකටෝ
තව පහක් ඈ 


4 comments:

  1. "නෑම" කියල නම වෙනස් කරමුද..?

    ReplyDelete
  2. බස්වල යථාර්තය

    ReplyDelete
  3. ඉරාජ්ගෙ පොලිස් සින්දුව වගේ......හිහ් හිහ්

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...