මතකද නුඹ පෙරදා කීවා මගෙ ගී මිහිරි වග
නුඹ නොදනී තාමත් ඒ හදවත පෙම් කලෙ නුඹට වග
කඳු අගිසි සිප... ළිහිණි පිළ මත...
එතේ වැහි සළු...මේ උයන් වට...
යමු අපි තුරුපත් තුරුල සොයා
හිරු මියැදී ගිලෙනා කඳු අතරේ අප තනි කර ඇදෙනා
රැය සීතල වැස්සෙන් පිරෙනා වග අසරණ හිරු දන්නා
තරු සිඟිති පිපී...රැය සිහිල මැකී...
වැහි අඳුර ඉරී...නුඹ සිහින පිරී...
එනමුදු හෙට රිවි නැගෙනු නැතී
මතකය කල්පයකී...හීන අසුරු සැනෙකී...
නුඹේ සිතැඟි සරනා...සොඳුරු අරණ දුරකී...
හද වැලි තලයේ පෙම් දලු නැගෙතත්
නිරුදක මරුය හිමී...
මේ අවසන් වැසි සමයයි... දනී ළිහිණි කුමරී
ඈ මුරගා හඬ තලනා... ගීය අසනු රිසිනී
වැහි බිඳු ඉහිළී අප වත් සිප සිප
යායුතු අද වියැලී...
හ්ම්.. ලස්සනයි.
ReplyDeleteලස්සනයි යාලු..
ReplyDeleteඑළ ඈ...
ReplyDelete