සොඳුර
දැන් ගෙට ගන්න
මම නුඹට අව්වේ වේලන්නට කියා දුන්
හම ගසාලූ
මගේ හෘද සාක්ෂිය
තව ටිකකින්
ඔවුන් මෙහි එන්නට පෙර
පුලුන් පුරවා
දිස්නෙ ගල්වා
සාලයේ කනප්පුව මත
තබාලමු අපි
යන එන්නන්ට තුටු පහටුව
අතගා බලා
සැනසී පිටවනු පිණිස
එහෙම කරන්න පුලුවන්නම් කොච්චර හොදද නේද ?
ReplyDeleteරැවටීම...සහ රැවැට්ටීම...
ReplyDeleteනියම වචන ටික!
ReplyDelete