Friday, October 12, 2012

බලා සැනසෙන්නට







සොඳුර
දැන් ගෙට ගන්න
මම නුඹට අව්වේ වේලන්නට කියා දුන්
හම ගසාලූ
මගේ හෘද සාක්ෂිය

තව ටිකකින්
ඔවුන් මෙහි එන්නට පෙර
පුලුන් පුරවා
දිස්නෙ ගල්වා
සාලයේ කනප්පුව මත
තබාලමු අපි
යන එන්නන්ට තුටු පහටුව
අතගා බලා
සැනසී පිටවනු පිණිස






3 comments:

  1. එහෙම කරන්න පුලුවන්නම් කොච්චර හොදද නේද ?

    ReplyDelete
  2. රැවටීම...සහ රැවැට්ටීම...

    ReplyDelete
  3. නියම වචන ටික!

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...