Tuesday, January 1, 2013
Wednesday, December 19, 2012
අහස සඳ හා තරුව
අහස රෑ අඳුරේ
සඳ පුරා දුලලන සේ
එලි සිහිල යස සේ
නුඹ විදින අද දවසේ
සඳට පෙර පිපුනූ
නුඹ අහස් සිත ඇඳුනූ
රහස් පෙම් මිමිනූ
නිවි නිවී යලි දිලුනූ
අහස සඳ වැළඳ
උන් අයුරු දැක මහද
තරු පැතුම් නොම පැරද
ඉමි අහස් කොන උවද
අහස් ලඳ කොමලී
සඳ උවද නෙත නොගැලී
අමාවක දවසක්
නේ යැයි සිතනු බොලඳී
නුඹ දකීදැයි නොදනී
තරු එදාටත් තිබෙතී
සඳ තරම් එලි නැතිදූ
තරු සදාකල් පවතී
Friday, December 14, 2012
Thursday, December 13, 2012
Monday, November 19, 2012
Saturday, November 3, 2012
අප කී දේද කල දේද
සිතා උන් හැමදේද
අකුරක් නෑර ලියවෙන
පොතක් තිබෙනා යැයි
නොදැන මෙපමණ කලක් උන්නෙද
ඒ ලොග් පොත තියෙන
තෙත ගල් ගුහාවට
අද මට
යන්න ලැබුනා අහම්බෙන් මෙන
අසල්වැසි ජීවිත කතාවල
අමුතු තැන් මගෙ වගෙම තිබුනා
දවස ගෙවුනා අඳුර වැටුනා
ගොම්මනේ අන්තිම එළිය බිඳ
උදව්වෙන් මගෙ පිටුව මැකුවා
හ හා හිතුවද ඔබත් යන්නට
මගේ අඩි සලකුණුත් මැකුවා
Friday, November 2, 2012
මායා මැතිනිය
මායා මැතිනියෙනි
බොන්සායි කල මැන
මාවත්
මේ කඳු අතර
හැමදාමත් වහින
දිය ගලන
දෙණි අතර
කාලය දියව
සමබිමේ ගලන අපූරුව
පිල්ලමකුදු නොහෙලා
බලා හිඳින්නට
පිටපත මගෙ නොවේ
බලා ඉන්නට නැතිමුත්
ප්‍රේක්ෂක කැළතක්
නොනැවතී රඟමි මම්
වළාකුළුවලටත් ඉහලින්
ගැලරියේ පුටු
හිස් නැතය අනුමානයෙන්
Saturday, October 20, 2012
Sunday, October 14, 2012
වණ්ණුපථ
වඩිනාගල හිට වැඩියා අපෙ ගමට
ඉටි මල්ලයි සිවුරයි තිබ්බා කරට
බන්ට් එක ලඟ කැලේ බෝගහ මුල අවට
අටවා පුංචි පැල දම් දෙසුවා අපට
මතක බණේ දානෙදි තනි කලේ නැතී
අසනීපයකදී නම් වැරදුනේ නැතී
වන මැද ගංකරේ කාටත් පිහිට වෙවී
කාගෙත් ගෙදර බුදු වී උනි සුමන හිමී
නියඟෙට කරවුනා මුලු විල්පත්තුවම
පුංචි දිවුලෑව හිඳුනා පතුලටම
තිබාසේට ගිනිකණ වැටිලා ගමම
දියහෑරුවා සිහි එලවුනු හැම තැනම
බෝසත් සිතින් ලීවත් ඩීආරෝට
ලොකු නල ලිඳක් දෙන්නැයි මේ ගංගොඩට
ලක්සම දෙක තුනක් යනවා මේ ලිඳට
සලකා බලමි ලිපියක් ලැබුනා ගමට
දවසක් උදේ ආවාසේ සාදු නැත
බට ලානක් වගේ ගම ගිනිගත්තේය
සති දෙකතුනක් හෙව්වත් නැහැ හම්බ උනේ
හරියට කරපොලව යටටම ඉරුව වගේ
හඳවල් දෙකක් පහු උනදා හැන්දෑවේ
අපෙ පොඩි සාදු ගම ආවා පෙර වාගේ
කඩිසර අඩි ගමන් දැන් නම් නැහැ වාගේ
ලක්සෙට කොඩිය ලෙල දුන්නලු ආවාසේ
ලොතරැයියක්ලු සමහරු කුටු කුටු ගෑවා
බැංකුව බින්දාද තව අය ඇහැ ලෑවා
ජල යෝජනා කරමෙට මුල්ගල තීවා
මාසෙන් දෙකෙන් හේ වැඩ අහවර වූවා
ටැංකිය පුරවාපු දවසේ පිරිත මැද
වඩිනාගල සුමන වැටුනා සෙනග මැද
තබ්බෝවට හනික ගෙනියන අතරමග
අපවත් උනා උස්සන් ගිය පුටුව පිට
කොර්නෙල් මරණෙ හේතුව මොකදෝ හෙව්වා
ලේ කැටි කැටි පිරී පිම්ඹුනු බඩ පෑවා
කලියෙන් එන්න තිබ්බා නෙව දොස් කීවා
වම් වකුගඩුව නම් දැක්කේ නෑ කීවා
අද ගම හැමෝගෙම අත ලඟ වතුර ඇත
මේ බැව් මතක උන් එකෙකුදු මෙගම නැත
වැඩ හිටි ආවාසෙ මැටි පස් ගොඩැලි මත
ඊතණ පඳුරු එක දෙක නම් වැවී ඇත
Subscribe to:
Posts (Atom)







