Sunday, May 29, 2011

පනින්න පෙර සිතා බලමු-1

                                                    දවසක් දා මගෙ යාලුවෙක්(දිනුක )හම්බ උන වෙලාවක කයියක් දාගෙන ඉඳිද්දි හරි අපූරු සිද්දියක් දිහාවට කතාබහ ඇදිල ගියා.ටික කාලෙකට කලින් ඇත්තටම සිද්ද උනාද කියල හරියට නිච්චි නැති උනත් මේ කතාව ඊට කලින් මම අහල තිබුන.සිද්දිය කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.
                           තදබල ලෙස ආදරෙන් වෙලිල හිටිය ජෝඩුවකට ගෙදරින් සුපුරුදු දෝස්මුරේ වැටුනම ඒ දෙන්නා  තීරණය කලාලු ලෝකාන්තයෙන් පහලට පැනල එකටම මැරෙන්න.දෙන්න කතාකරගත්ත විදියට ලෝකාන්තෙට ආවලු.හැබැයි පැන්නෙ පිරිමි ලමය විතරලු.පිරිමි ලමයත් එක්කම පනින්න හිටපු ගෑනු ලමය කොල්ල පැන්නයින් පස්සෙ හැරිල ආපහු ගෙදර ආවලු.ඕකයි කතාව.
                      ඉතින් ඇත්තටම මැරෙන්න කලින් වැටෙන අතරෙ කොල්ලට මොනව හිතෙන්න ඇද්ද කියන එක තමයි අපි දෙන්නට ආපු ලොකුම ප්‍රශ්නය.කොහොම හරි එදා යනකොට පුලුවන්නම් කොල්ලට හිතුන දේ කවියකට හරවපන් කියල පුංචි අයිඩියා එකකුත් දීගෙන තමා දිනුක ගියේ.ඊට ටික දවසකට පස්සෙ නිකන් මනෝවක් ගහන් ඉන්න වෙලාවක මමත් නිකමට වගේ වැඩේට ලාවට අත ගැහුව.නමුත් වැඩේට බැස්සමයි මට තේරුනෙ අත ගැහුවෙ කොටි වලිගෙකට බව.
සෑහෙන වෙලාවක් යනකන් කිසිම අදහසක් ආවෙ නෑ.අන්තිමට බැරිම තැන කොල්ලට හිතෙන්නෙ මොනවද කියන එකට කලින් කොල්ලට දෙයක් හිතෙන්න කොච්චර කාලයක් ඉතුරු වෙලා තියෙනවද කියල හොයන්න මගෙ සිරා මොලේට කල්පනා උනා.
    ඒ ලෙවල් වලට බයෝ කරාට මොකද අපිටත් ඉතින් මොකද්දෝ කරුමෙකට චලිත සමීකරන මතක තිබ්බ නිසා v=u+at දාන්න කියල හිත කිවුවා.නිශ්චලතාවෙ ඉඳන් පැන්න  කියල හිතුවොත් t හොයන්න ගේමක් නෑනෙ.හැබැයි එහෙම කොරන්නත් වැටෙන උස එපායැ.ලෝකාන්තයෙ උස හොයන්න වෙච්චි නෙට් එක පුරා.යන්තන් විකිපීඩියාවල තිබිල උස මීටර්870(අඩි 2854)කියල හම්බුනා කියමුකෝ.ගුරුත්වජ ත්වරණය යටතේ යෙදුවම අන්තිමට උත්තරෙ එනව තත්පර13ක් විතර කියල.(ගාන හදාගෙන යද්දි වර්ගමූල හොයන සාධාරණ ක්‍රමය අමතක වෙලා හරි අමාරුවෙන් ගොඩ දාගත්තෙ ).වැඩේ ගොඩම තමා.අපේ කොල්ලට හැමදේටම තියෙන්නෙ තත්පර 13යි කියල හිත හදාගන්න හදද්දිම  නෙට් එකේම තැනක දැක්ක ආන්ත ප්‍රවේග හුටස්පරයක්.කාල වරෙන්කො දැන්.
               ආයෙත් කවිය ලිවිල්ල පැත්තක තියල ආන්ත ප්‍රවේගය ගැන හොයන්න ගත්ත තියෙන කැහිල්ලට.අන්තර්ජාලය පීරල පීරල සෑහෙන ගේමකින් පස්සෙ පොඩි හෝඩුවාවක් හම්බෙනව,එහෙම එලඹෙන ආන්ත ප්‍රවේගය පැයට කිලෝ මීටර් 190 යි කියල.මහන්සි නොබල ඒක හැරෙව්ව තත්පරයට මීටර් වලට.එතකොට තත්පරයට මීටර් 52ක් විතර.දලව අඩි 500දි විතර මේ අගය එනවලු.අඩි 500 කියන්නෙ මීටර් 152ක් විතර.දැන් නං වැඩේ එපා වෙන තරමයි.ඒත් මං උනත් මටම නෝන්ඩි වෙන්න අරින්න බැරි නිසා කාගෙනම වැඩේට එන්ටර් උනා.ඒලෙවල්වලින් පස්සෙ ඔච්චර ගානක් හැදුවමද කොහෙද.
                      චලිතයෙ මුල් බාගෙට v=u+at  දාල උත්තරේට එන කාලයයි දෙවෙනි බාගෙට s=ut දැම්මම එන කාලයයි එකතු කරාම ඔන්න දෙයියන්ගෙ පිහිටෙන් උත්තරයක් ආවා.ආසන්නව තත්පර 19ක් විතර.කොහොමින් කොහොමින් හරි දන්න ගණන් සෑස්තර ඔක්කෝම දාල මම කොල්ලට තව වැඩිපුර තත්පර 6ක් අරන් දුන්න ගෑණු ගැන තවදුරටත් කල්පනා කරන්න.හැබයි කොල්ලො,මදි වෙයිද මන්දා.
                  අන්තිමේ ඒ කොල්ලට හිතන්න තියෙන කාලය හොයන්න ගිහින් මේ කොල්ලට ජීවිතේ එපා වෙන්න ඔන්න මෙන්න.බරපතල සමාජ ඛේදවාඡකයක් නෝන්ඩි කරා කියල නං හිතන්න එපා.මේක කොච්චර ප්‍රැක්ටිකල්ද කියන්න නං මම දන් නෑ.ගාන වැරදුනාද දන්නෙත් නෑ.කොල්ලට හිතෙන දේ අපි ඊලඟ ලිපියෙන් කතා කරමු.
        ඔය ගාන හදල ලෝකන්තය ගාව දැන්වීම් පුවරුවක් ගහන්න පුලුවන් උනානම් ඔතනින් පනින අය පනිනවද කියල දෙපාරක් හිතල බලාවි නේද...?

                                                               

6 comments:

  1. scientific letter එකක්....

    ReplyDelete
  2. මචං උඹට වාත ප්‍රතිරෝධය අමතක උනා නේද?අපි ඔක්කොම ගණං හැදුවෙ ඒක ශුන්‍යයි කියල අරංනෙ.

    ReplyDelete
  3. ගානෙ ආන්ත ප්‍රවේගය මම හොයපු එකක් නෙවෙයි.ඒක දත්තයක්.

    ReplyDelete
  4. හපොයි.... මට නම් විද්‍යාව අරහං... මෙලෝ දෙයක් බෑ.. කොහොම වුනත් කතාව හොදයි අයියා. ලෝකාන්තේ ගාව ඕක කියලා බෝඩ් එකක් ගැහුව නම් නරකම නෑ තමයි. තප්පරෙන් මැරෙන්න බලාගෙන පනින අයට ඒ වගේ 19 ගුනයක් ඉවසන්න වෙනවා කියලාවත් තේරුම් කරන්න බැරි නැතෑ.. :)

    ReplyDelete
  5. කෝ මේකෙ දෙවෙනි එක????

    බ්ලොග් එක සින්ඩිකේටර්වලට දාලා නැද්ද???
    http://syndi.lankeeya.lk
    http://blogs.sinhalabloggers.com/

    ReplyDelete
  6. ගාණ හදාගන්න වුණු මහන්සිය දන්න එකෙක්නම් ඔතනින් පනින්නෙ නෑ. :D

    අභීත කිවු මග ඔස්සේ ඇවිත්, සාමාන්‍යයෙන් කවි කියවන්න කම්මැළි මම කවි පෝළිමක් කියවගෙන කියවගෙන ගියා. අපූරුයි බ්ලොග් එක.
    ජයම වේවා.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...