Saturday, May 28, 2011

දෙක වෙලා පෙනීම

"....තමුසෙට පේනවද
අර...
එහා ටේබල් එකේ
සෙම පෙරන් ගොර අදින මෑන්ස්ව...?"

"ඕ.. යෙස් 
මිනිහ කොයි වෙලෙත්
පබ් එකේ
කොච්චර බඩු පිට උනත්
අමුම අමු අහිංසකය..."

"දවසක් මං ඇහුව
ඇයි මිනිහො බොන්නෙ ඔච්චර කියල..
ඌ කියපි,
         බිව්වම මට එයා
         දෙක වෙලා පේනව..
         එතකොටනෙ අයිසෙ
         මටත් කියල කවුරුහරි ඉන්නෙ
                                                   කියල.."

4 comments:

  1. මරු කතාව.. මතු පිටින් පෙනෙනවාට වඩා ඒක ඇතුලෙ හැංගිච්ච මාර ඛේදවාචකයක් පෙනෙනවා. ඒක අපටත් තියෙන නිසා වඩාත් හොඳින් දැනෙනවා..!!

    ReplyDelete
  2. මීවිතේ ප්‍රශ්න දියකරල අරින එක සාර්ථකද කියල මම නම් දන් නෑ.ඒත් හුගක් අය එහෙම කරනව

    ReplyDelete
  3. විවාහයකින් ඇගිලි දෙකක් එක්කරන්න පුළුවන් උනාට ,හදවත් එක්වෙන්නේ නැ.හදවත් දිනාගන්න දැනගන්න ඔන්න.බිපුවහම ප්‍රශ්න යටපත් උනාට ..වෙරි හින්දියෙන යනකොට ආයේ ප්‍රශ්නය මතුවෙනවා, තමා තනියමය් කියල තේරෙනවා.
    ගොඩක් ප්‍රශ්න වලට පිළිතුර තියෙන්නේ ප්‍රශ්නය තුලමයි .මේ පුද්ගලයා ප්‍රශ්නයට පිළිතුර මත්පැනින් සොයන්න හැදුවට මටනම් හිතෙන්නේ මෙතන ප්‍රශ්නයත් වෙලා ඇත්තේත් මත්පැන්ම තමයි .මොන ගැනිද කැමති අරක්කු බෝතලයක් එක්ක සුරන්තයට පත්වෙලා අපු උකටලී වෙච්ච ,ගඳගහන වමනේ දාන මිනිහෙක් එක්ක යහන ගතවෙන්න.ගොඩක් පිරිමි බනිනවා ගනී සලකන්නේ නැ .කතා කරන්නේ යක්ෂනියෙක් වගේ කියල.(idala හිටලා යක්ෂණියන් iන්න බවනම් ඇත්ත ) නමුත් පිරිමියෙකුට නියම පිරිමියෙක් විදියට ඉන්න හැකියාවතියනවනම් හැම ගැනියෙක්ම කැමතිය් ඒ පිරිමියාගේ තුරුලට වෙලා සෙනෙහස අත්විදින්න .පිරිමින්ටත් වැඩිය ගැහැණු ඒ ගැන බදින්නත් ත් කලින් ඉදලම ගොඩක් හීන දකින බව .මිනිස්සුන්ගේ හදවතට සමීපවෙලා කතාකරපු ගොඩක් වෙලාවට දැනගන්න ලැබිලතියනවා.
    හැම සාර්ථක මිනිහෙක් පිටිපසම හොඳ ගැහැනියක් ඉන්නවා කියන කතාව ඇත්තනම් ,හැම කාලකන්නි පිරිමියෙකු පිටිපසම කාලකන්නි ගැහැනියක් ඉන්නත් ඕනේ. ගැහැනුන්ට 64 මායම් තියෙන්නේ.පිරිමි දැලේ දාගන්න විතරක් නෙවෙයි .පිරිමි හදාගන්න සහ යහමගට ගන්න.මොනවා කිඋවත් ගැහැනියෙකුගේ කදුලට ,හිනාවට සහ අදර කතාවට පිරිමින් ගොඩක් සන්වෙදීය් ( අපේ තියන ලොකුම අඩු පාඩුවත් මේකම තමා).ඒ නිසා ගහනියෙකුට යක්ෂණියක් වගේ කෑගහගෙන නැත්නම් ඇන්දේ නිදාගන්න ගියාම එළිවෙනකම් අද්න්දේ ඇනුම්පද කියකිය ඉදල කර ගන්න බැරිවඩක් එක කදුළු බිඳුවකින් නැතිනම් ආදර වදනකින් කර ගන්න පුළුවන්.
    කෙනෙක් ආදරෙන් ගොඩනගපු හීන ලෝකයක් එකපිට එක බිඳ වැටෙනකොට මිනිසු යක්කු වෙන එක පුදුම වෙන්න දෙයක් නැ (හැබය් මතක් තියාගන්න ඒ යක්කු බිහි une අදරේ වැඩි හන්ද .ආදරයක් නොතිබුනානම් අනිත් එකාට ඕන මගුලක් කර ගනින් කියල ඉන්නවනේ )
    (අනෙක් පාර්ශවයේ ආදරය දිනාගන්න තියන ලෙස්හිම විදිය තමයි ඒ අය ඇස පියාගෙන දැකපු සිහින ඇස දෙකෙන් දකින්න උදවු කරන ඒක .එතකොට අනෙක් පර්ශවය් තමාට ආදරය කරවී ගෞරව කරවී .
    එතකොට ගැහැණිය නැතිනම් පිරිමියා දෙවියෙක් නැතිනම් දෙවගනක් ලෙස දැනේවි.)
    හැම කෘතක් ජනයෙක්ම හැගීම් වලට ආශා කරනවා .තමාට යම් තැනකින් දෙයක් නොලැබුනොත් තව තැනකින් ලබාගන්න යනවා.කිසියම් කෙනෙක් පිට යනවා කියන්නේ අනෙත් පාර්ශවයේ තියන නොහැකියාව.(හැබැයි අනෙක් පර්ශවය් කොතරම් ආදරය කරත් සැලකුවත් පිටයන වලත්තයන් සහ වලත්තියන්න ද ඇත )

    සිද්දිය කෙසේ උවත් අරක්කු බෝතලයෙන් ලැබෙන පිළිතුරට වැඩ වැඩි පිළිතුරක් ප්‍රශ්නය දෙස නැවත හරි බැලුවනම් ලැබෙනු ඇති කියා සිතේ.( මට මතක විදියට හේතු පල දහමේත් මේකම තමා කිය වෙන්නේ )

    මට උඹේ ලිපිය කියා වනකොය මෙන්න මෙහෙමත් හිතුන

    දුරින් නම් ඉන්න බෑ.....මද හසින් සැනසෙන්න බෑ
    මට සරාගී පෙනුම පෑ .. ඔබ දුරයි සිතද නිදි නැ...
    ගත වෙලය් උණුසුමක් නැ ....මිරිගුවෙන් සන්සිදෙනු බෑ..


    මොකක් උනත් උඹ අදහස ඉදිරිපත් කරලා තියල විදිය ගොඩක් ලස්සනයි .ඇත්තටම ලස්සනයි මචන්.සුබපැතුම්.
    උදාර ගුරුගේ

    ReplyDelete
  4. කියපු සේරම ටික ඇත්ත මචන්.උඹට දැනුනු විදිය දැනගන්න සැලැස්සුවට හරිම සතුටුයි.ඉස්සරහට හම්බෙමුකො

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...