වැසි තදින් ඇද වැටෙන
ඇතැම් රාත්රීන්හීඑන්නීය
ඈ...
බිඳකුදුත් නොතෙමීම
යතුරුලෑ දොර පියන්
නොහඬවා නොරිදවා
සයනයට පිටුපාන
හිඳගනී අසුරකට....
හදබිතෙහි හිස් තැනක
නොපැවතුනු ඇසුරකට
ආ පයින් යන්නීය
ඉස්සරම වාගේ
නැති සෙයින්
හිස් තැනක වගක්වත්....
හද ගැහෙන බවක්වත්...
වැසි තදින් ඇද වැටෙන
ඇතැම් රාත්රීන්හීඉපිලෙනා හිත උණුහුමයි තව
ඔබේ සුසුවඳ දොලොස් මහ පහනයිමා ඉන්න තැන අඳුරුය
ඔබට ඒ ගැන නොදැනීම සොඳුරුයපින්තාරුව වී මා හදෙහී සේයා
ඒ රැය දුර නිසා
අඳුර වෙත විහිදෙන
වැහි මේ කුළුය තැන තැන
ඉඳහිට මගක වැලපෙන
පහන් කණු කේඬෑරි සුසුමින
විසල් අහසකි පරිමිත
කඩා හැලෙනට නියමිත
රාත්‍රිනියේ නපුරු බැල්මෙන්
අන්තිමම එළි බිඳත් සඟවන
මමම විතරක් මොකටද
නුඹෙන් එලි ලද ලොවකට
මතක ශේෂය සූර සූරා
රැගෙන ගුලි වෙමි අඳුරු විජිතෙක